රගර් පැටික්කියන්ගේ හපන්කම් ඇගයීම සුසන්තිකා අතින්

කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා රගර් ක්‍රීඩාව පාසල් මට්ටමින් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව පැවති අවුරුදු 19 න් පහළ රගර් තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ඔලිම්පික් ධාවන සූරී සුසන්තිකා ජයසිංහ කැඳවා තිබිණ.

ලෝකය ජයගැනීමේ අපේක්ෂාවන් පුළුල් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් රග්ර් ක්‍රීඩාවට ප්‍රවේශවීමේදීම බලාපොරොත්තු ඇති කරන්නට සුසන්තිකා ජයසිංහ වැනි ක්‍රීඩිකාවකගේ සහභාගීත්වය වාදගත් වනු ඇතැයි සංවිධායකයන්ගේ අරමුණ වි තිබිණ.

කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේදී මාර්තු 12 වන දා ක්‍රියාත්මක වූ මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් තරඟ වැදිණ.

එහි සූරතාවය ශාන්ත මේරි විද්‍යාලයට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ පිළියන්දල මැදි විදුහලට ය.පළිහ සූරතාවය සඳහා පැවති තරගවලදී එම සූරතාවය කොළඹ ජාත්‍යන්තර පාසල දිනා ගත්තේ බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ බාලිකාව දෙවන තැනට පත් කරමින්ය.පළඟ සූරතාවය කොළඹ,මරදාන ආනන්ද බාලිකාවට හිමි වූ අතර අනු සූරතාවය දිනා ගත්තේ බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලය ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...