ලක්ෂ 4ක් දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නවා – ශෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණයන් රටේ නීතියක් බවට පත් කිරීමට රජය සූදානම් බවත්, කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සමග සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහි දී දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ වැඩි දුරටත් කරුණු සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් ම බදු ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයක් පිළිබඳ ක්‍රිෂ්ණමූර්ති මහතාගේ අවධානය යොමු වී ඇත.

තවද, විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් ලක්ෂ හතරක් පමණ දක්වා අඩු වූ ආදායම් බදු ගොනු සංඛ්‍යාව මිලිනයක් පමණ දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව, සේමසිංහ අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...