දින පහක් පුරා පැවති රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): රේගු නිලධාරීන්ගේ සංගමය විසින්, රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රේගු වෘත්තිය සමිති පසුගිය දින පහ පුරා, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටියේ රේගු ගිණුමක් මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි.

එනිසා රේගු නිෂ්කාශණ ඒකකයේ බාහලුම් 2000කට ආසන්න ප්‍රමාණයක් සිරවී දැඩි ගැටලු තත්ත්වයක් ද මතු වුණා.

මේ පිළිබඳ රේගු වෘත්තිය සමිති ,  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව රේගු  මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...