විවෘත ආර්ථිකය තමයි ප්‍රශ්නයට මුල. එහි ප්‍රතිඵල අද අපට ගෙවන්න වෙලා – ඇමති දිළුම්

Date:

පසුගිය ආණ්ඩු විසින් විවෘත ආර්ථිකය ඔස්සේ රාජ්‍ය ආයතන විකුණමින් සියල්ල පිටරටින් ආනයනය කරන තැනට රට පත් කිරීමේ ප්‍රතිඵලය අද වත්මන් ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“මේ සියලු දේම වගකීම අපි රජය හැටියට බාරගන්න ඕනෙ. අපට නැහැයි කියන්න බෑ. හැබැයි නරක තත්වයක් වඩාම හොඳ තත්වයෙන් කළමනාකරණය කරන්නෙ කොහොමද කියන එක පිළිබඳ වගකීම පැවරෙන්නෙ රජයට. ඒ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණලා දාලා, විවෘත ආර්ථිකය කියලා දොරවල් විවෘත කරලා, අද අපි කොළේට ගහන ස්ටේප්ලර් කටුව පවා පිටරටින් ගේන තත්වයට මේ රට පත්කෙරුවෙ කවුද කියන කාරණාවත් අපි කල්පනා කරලා බලන්න ඕනෙ. එක රජයක් නොවෙන්න පුළුවන්. රජයවල් කීපයක් වෙන්න පුළුවන්. හැබැයි මූලිකව ඒවාට මුල්වුණේ කවුද කියලා බැලුවොත් අද කෑගහන අයගේ තාත්තලා, සීයලා, අප්පොච්චලා තමයි මේ වැඩ කටයුත්ත ආරම්භ කෙරුවේ. ඒකෙ ප්‍රතිඵල ගෙවන්න වෙලා”

අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...