ආර්ථික සභාවට උපදෙස් දීමට ආර්ථික උපදේශක කමිටුවක් පත්කෙරේ !

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පත්කෙරුණු ආර්ථික සභාවට විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා ආර්ථික උපදේශන කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ.

මෙම උපදේශක කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් සහ ධම්මික පෙරේරා මහතා ඇතුළු ප්‍රධානතම ව්‍යාපාරිකයින් පිරිසක් නම් කර තිබේ.

ඒ අනුව,

මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න
මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
ආචාර්ය දුෂ්නි වීරකෝන්
ධම්මික පෙරේරා
ක්‍රිෂාන් බාලේන්ද්‍ර
ඔමාර් අෂ්රෆ්
ආචාර්ය හාන්ස් විජේසූරිය
විශ් ගෝවින්දසාමි
එස්. රෙංගනාදන්
රංජිත් පේජ්
සුරේෂ් ද මෙල්
ප්‍රභාෂ් සුබසිංහ
දුමින්ද හුලංගමුව
සුජීව මුදලිගේ

යන සාමාජිකයින් ඊට පත්කර ඇත.

එසේම මෙම ආර්ථික උපදේශක කමිටුවෙහි සම්බන්ධීකරණ කටයුතු සඳහා බොහෝවිට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික සභාව අද (15) රැස්වීමට නියමිත අතර එම රැස්වීමට මෙම උපදේශක කමිටු සාමාජිකයින් ද සහභාගී වීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...