අපනයන ආදයමේ වර්ධනයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): මේ වසරේ පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් වේ. එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබේ.

2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය දන්වා සිටී.

2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, අමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා වූ බව සඳහන් වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...