මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් නෑ – රුසියාවේ ශ්‍රී ලංකා තානාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 60 දෙනෙකු මිය ගිය අතර, 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

නමුත් එම සිද්ධියෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් නැති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මි කියා සිටී.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ, රුසියාවේ සුප්‍රකට ක්‍රොකස් සිටි වෙළඳ සංකීර්ණයකට වන අතර ,මෙය මොස්කව් නගරයෙන් පිටත පිහිටි ජනප්‍රිය සාප්පු සංකීර්ණය හා සංගීත මධ්‍යස්ථානයක් වේ.

ප්‍රහාරකයන් මෙම ස්ථානයේ නිරායුධව සිටි ආරක්‍ෂක භටයන් ඝාතනය කරමින් ශාලාවට ඇතුලු වී  තිබෙන අතර, ඒත් සමඟ වෙඩි ප්‍රහාරය එල්ල කෙරුණු බව සඳහන් වේ.

රුසියානු වාර්තා සඳහන් කරන්නේ, සිද්ධියෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන් 140 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි .

තුවාල ලැබූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන බවත්, තුවක්කුකරුවන් 12 දෙනෙකු පමණ පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් පසු එහි ගින්නක්ද හට ගෙන තිබෙන අතර, ත්‍රස්තවාදීන් ප්‍රසංග ශාලාවට ළඟා වූ පසු එහි තිබූ පුටු ගිනි තබා ඇති බව වාර්තා වේ. ප්‍රහාරය එල්ල වන විට මෙම ස්ථානයේ 7,500 ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක් වන පික්නික් කණ්ඩායම ප්‍රසංගය ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේ ප්‍රහාරය එල්ල වීඇති අතර, සාප්පු සංකීර්ණය තුළ පිපිරුම් හඬක් ද ඇසුණු බව  ඇසින් දුටුවන් පවසති.

මෙය මෑත කාලයේ රුසියාවේ සිදු වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙසටයි සැලකෙන අතර, ප්‍රහාරය හොඳින් සැලසුම් කර ඇති බවත් ජීවිත හානි උපරිම කිරීමට ඔවුන් උත්සාහ කර ඇති බවත් විශ්ලේෂකයන් පෙන්වා දෙති.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගත් බව මෙතෙක් නිල වශයෙන් තහවුරු  කර නැති අතර,කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  නිල නොවන වාර්තා පෙන්වා දෙයි. රටවල් රැසක්ම මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙන අතර ඇමෙරිකාව ද සිද්ධිය හෙලා දුටු බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇමෙරිකාව රුසියාවේ සිටින තම වැසියන්ට මීට සතියකට පෙර දැනුම් දී තිබුණේ ජනතාව විශාල වශයෙන් රැස්වන ස්ථානවලට,ප්‍රසංග හා සාප්පු සංකීර්ණවලට ගමන් කිරීමෙන් වළකින ලෙසයි.ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාවය මෙන්ම ප්‍රහාරයේ වගකීම ද කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් තවම භාර ගෙන නැති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!

කොළඹ LNW: 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව...