එදා ගෝඨාභය හිටගෙන කියපු දේවල් දැන් අනුර දුවදුවා කියනවා. ගැහැණු එක මිටට රැවටුණොත් පරණ පරිප්පුවම තමා – රෝහිණී

Date:

ගෝඨාභය රාජපක්ෂ නාටකයේම දෙවැන්න මේ වනවිට වේදිකාගත වෙමින් පවතින බවත් මේ රටේ කාන්තාවන් නැවතත් එක මිටට රැවටුණොත් නැවතත් රටට අත්වන්නේ ගෝඨාභය යුගයේ ඉරණමම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

“සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ වෙලාවේදී කතා කරනකොට එතුමාට කිව්වා පෑඩ්මෑන් කියලා. සමච්චලයට ලක් කළා. හැබැයි දැන් ආණ්ඩුවත් පිළිගන්නවා සනීපාරක්ෂක තුවායක් ගන්න නැති හින්දා ළමයි ඉස්කෝලෙ යන්නෙ නෑ කියලා. අපට ජාතික ආරක්ෂාව ඕනෙ, අපට ඔය සනීපාරක්ෂාව වැඩක් නෑ කිව්වා. කෝ ඒ සුදු නෝනලා ? කොහොමහරි ඉන්න හිටින්න රටක් හොයන්න ගිහිල්ලා මේ රටේ 50%කට ආසන්න කාන්තාවන්ට සනීපාරක්ෂක තුවායක්වත් නැතුව ගියා. දැන් ගෝඨාභය 2 නාටකය ඇවිත් තියෙනවා. අනුර කුමාර දිසානායක. එදා ගෝඨාභය රාජපක්ෂ හිටගෙන කියපු දේවල් දැන් අනුර කුමාර දිසානායක දුව දුවා කියනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ කියනවා, කාන්තාවො වටකරගෙන කියනවා, රටරටවල්වල ගිහින් කියනවා … ආයෙ සැරයක් මේ කාන්තාවො එක මිටට රැවටුණොත් කන්න වෙන්නෙ පරණ පරිප්පුවම තමයි. ඒක නිසා මේ දකුණට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණට කියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් කාන්තාවො රජකරන්න කියලා. කරන්දෙනියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය, කුඩා දැරියක් හිටියා, පඩිපෙලේ බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා පාරේ තියලා ඝාතනය කරපු ජනතා විමුක්ති පෙරමුණ කාන්තාවො සහ ඒ අයගේ බලය සම්බන්ධයෙන් කතා කරන්නෙ රෙදි ඇඳගෙනද කියලා ප්‍රශ්නයක් තියෙනවා”

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (23) ගාල්ලේදී පැවති සමගි වනිතා බලවේගයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!