පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): හෙට (25) දිනයේ සිට , පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට තීරණය කර ඇති බවයි.

එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත්තේ, රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි වේ,

මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් සෘජුවම පළාත් සභා 09 වෙත වෙන්කර ඇති බව සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...