38.5% කින් සුරාබදු ආදායම ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): 2023 වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව 2024 වර්ෂයේ දී ලැබූ සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ, මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවයි.

“මිල වැඩිවීම හරහා නිෂ්පාදනය සෑහෙන්න අඩුවෙලා තියෙනවා. 2023 වසරේ ජනවාරියේ නිෂ්පාදනය එක්ක ගත්තහම මේ අවුරුද්දේ ජනවාරියේ නිෂ්පාදනය ලීටර් 657,000ක් අඩුවෙන් තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් අපිට පුළුවන් වුණා 2024 පෙබරවාරි මාසය එක්ක සංසන්දනය කළාම 38%ක ආදායමේ වර්ධනයක් ලබාගන්න පුළුවන් වුණා. මාර්තු මාසයේ දීත් අපි බලාපොරොත්තු වෙනවා 30%ක විතර වර්ධනයක්.”

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පැවසුවේ, එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීම සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...