අපිට ප්‍රංශයට ඇති දුර අඩු කර ගන්න සිතුවිලි සූත්‍රයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 25, කොළඹ (LNW): ප්‍රංශ පාපන්දුව දුවන්නේම දියුණුව සොයා ප්‍රංශයට ආ මිනිසුන්ගෙන්ය.ශ්‍රී ලංකාවේ පාපන්දු පමණක් නොව සමස්ත රටම දුවවන්නේ මෙරට නොදියුණු තත්ත්වය නිසා වෙනත් දියුණු රටවලට ගොස් දියුණුව අපේක්ෂා කරන මිනිස්සු ලංකාවට එවන විදේශ මුදල මූලික කර ගත් ආර්ථිකයක් ඇතුළේය.පරම්පරා ගණනක අපේ පොළවේ ඇත්ත එබඳුය.මේ ඇත්ත දේශපාලනික තිත්ත කියවා ගන්නේ නැතුව ක්‍රිඩාව නොව කුමන විෂයකවත් ඇත්ත හරියට දකින්න නොහැකිය.පිටතින් ගනු ලබන අදේශපාලනික තීරණ අපිට ඕනි දේශපාලනය නෙමෙයි ක්‍රීඩාව යැයි කීවත් ඒවායේ පතුළ ඇත්තේ දේශපාලනයේ ය.පතුළ එසේ නොවන බව සිතා කරන සැළසුම් කළෙකදී ගිලා බහින්නේ එහි ඇති අදේශපාලනික තිත්තත් සමඟය.
රටක දියුණු ලක්ෂණ අතර කෙනෙක්ගේ ජාතිය,ආගම,කුලය ආදි කරුණු මත ඇගයීම සිඳු නොවන තරම්ය.එහිදී කුසලතා පූර්ණත්වය මත තමන්ට හිමි තැන හිමි කර ගැනීමට ලැබෙන නිසා වඩාත් දක්ෂයාගෙන් ඉහළ පලදායිතාවයක් රටට ලැබෙන්නේය.අපේ මිනිස්සු නොදියුණු කරන්නේ දේශපාලනය විසින්ය.ආකල්පමය වශයෙන් දියුණු සමාජයක් නිර්මාණය කිරීම වෙනුවට පවතින නොදියුණු ඔළු අපේක්ෂා කරන ජනප්‍රිය බෙදීම් සහිත ගෝත්‍රිකකම් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට යොදා ගැනීම මේ රටේ හැටිය.වෙනත් රටවල මේවාට විරුද්ධව සමාජය වෙනස් කරන්නේ වමේ පක්ෂය.මෙහෙ වමේ ආශිර්වාදය ලැබෙන්නේ අන්ත ජාතිවාදී ආගම්වාදී මිනිස්සුන්ට ජාතික නායකයා යන පෞරුෂය ද අන්දා ය.


ඇමෙරිකානු සමාජයේ ගැවසී දියුණුව දැක ඇති ගෝඨාභය අමු ජාතිවාදී සහ ආගම්වාදී තැනකට සේන්දු වන්නේම දියුණු මොළයෙන් දැක පහසු මාර්ග තෝරා ගෙනය.ඒවා අතර තමන්ගේ භෞතික සංතෘප්තිය සම්බන්ධ අදහසක් මිස රටක සංවර්ධනය ගැන අදහසක් නොතිබිණ.ඒ තෝරා ගැනීම් වැරදියි කියා එළවා දමන තැනට පත් වුණ මිනිස්සුම දැන් සොයන්නෙත් ගෝඨා කී ජාතිවාදී ආගම්වාදී සහිත දෘෂ්ඨිවාදය මේ පොළවේ පැළ කරන්න අවශ්‍යය පුද්ගලයෙක්ය.එපා වී ඇත්තේ ගෝඨා මිස, ඔහු පැවති ක්‍රමය නොවේය.
මේ සියල්ල මතක් වන්නේ මේ වන විට ශ්‍රී ලංකා පාපන්දුව මුහුණ පා තිබෙන තත්ත්වය දුටු විටය.ක්‍රීඩා කරන්නේ විදෙස් සම්භවයක් ඇති පිරිස්ය.හැබැයි ඔවුන්ගේ මුල් මේ බිමට ඈදී ඇත.අප ඔවුන් නැති කර ගත්තා මිස ඔවුන් අප අතැර ගිය පරම්පරාවල අය නොවේය.ජරමනීයට ගොස් එහි තමන්ගේ ආදරය හමුවන කාන්තාවක ගැන හෝ පුරුෂයෙකු ගැන හිතන්න.දෙන්නා දෙ’රටෙන් තමන්ගේ ඊළඟ පරම්පරාවට දිය යුත්තේ කුමන රටක්දැයි තීරණය කිරීමේදී එය ශ්‍රී ලංකාව විය යුතු බව සිතයි ද?


මේ පිරිස මෙ’තැනට කැඳවා ගෙන ඒම සඳහා මහන්සි වී ඇති තරුණ නඩයක්ය.ඔබට ඒ ගැන මෙහි ඇති මුහුණු පොතේ අවකාශයෙන් දැකගත හැකිය. https://web.facebook.com/profile.php?id=100083066751841
ඒ නඩය කියවා ගත හැකි දියුණු හැඟීමක් පාපන්දු කළමණාකරුව සිටි හිරාන් රත්නායකට තිබිණ.ඒ හැරෙන්නට මේ පාපන්දුවේ හැරවුම ගැන අපට සිතා ගන්නටවත් අපහසුය.දැන් තරුණ නඩය මෙන්ම පාපන්දු පරිපාලනය ද මේ දියුණු මිනිස්සු රට වෙනුවෙන් පෙරට කැඳවා තැන්ක්ස් කියා සිප වැළඳ පිටත් කිරීමට වැඩි යමක් කල්පනා කළ යුතුය.


මේ පැමිණ තිබෙන සමූහය ද එකතු කරගෙන ඔවුන්ට ඇති වානිජමය හැඟීම ද පාදක කරගෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් තව දුරටත් එකතු කර ගත් පාපන්දු ලීග් තරගාවලියක්ය.ලෝකයේ ජනප්‍රිය මෙන්ම මිල අධිකම ක්‍රීඩාවන් අතර තිබෙන පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මේ උදා වූ මොහොතේ සල්ලි ගස් නමා ගන්නට අපහසු නැත.


ලංකාවේ ක්‍රිඩා සමාජ කිහිපයකට විදේශ ක්‍රීඩකයන්ට ආ හැකි පරිදි ව්‍යහුයමය වෙනසක් ද ඇති කළ යුතුය.මෙසීලා,රොනාල්ඩෝලා ක්‍රීඩා කරන කණ්ඩායම් නොවන වෘත්තිමය පාපන්දුවේ තෙවන කාර්තුවට පමණ පහළින් අයත් ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකාවේ මේ මොහොතේ තිබෙන පාපන්දුවට සාපෙක්ෂව සිටින්නේ ඉහළින්ය.


මේ හැරවුම සඳහා දැන් වැඩ පටන් අරගෙන ඇත.එහෙත් ඒ වැඩේ ඉස්සරහට මේ පොළවට වඩාත් දැනෙන වැඩක් කරගන්න වැඩේ තියෙන්නේ දැන් ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය යටතේය.ලෝකය එක යායක් කියන දේ අපේ බොහෝ අයට අමතකය.ලංකාවේ කෑල්ලක් හැටියට ලෝකය පැවතිය යුතුය කියන රාජපක්ෂමය සිහිනයේ තවමත් වෙලී පැටලී මං මුලා වී සිටින පුරවැසියන් හිතා සිටින ඔවුන් බී කිරෙහි තිබුණ ලේ අනුව සිතමින් මේ මොහොතෙත් විදෙස් සම්භවයක් ඇති ක්‍රීඩකයින් නිසා මේ රටේ පාපන්දු ක්‍රිඩා කරන ක්‍රීඩකයින්ට කෙලවෙන ආකාරය ගැන හඬමින් සිටින්නේය.


ඒක වැරදි නැත.රටට කුමක් වුවත් කම් නැත,පාලකයා මා කැමති එකා විය යුතුය යන්න අපට පොවා ඇති ඉතිහාස කතාවේ හැඩයය.ඒවා වෙනස් කරා වි යැයි සිතන,ලෝකය ගැන සිතනු ඇතිය සිතන උන් ද ලක් අම්මාගේ ඇකයේ සිංහල නොදන්න පන්සිල් නොදන්න ලාංකිකයෝ ගැන පරල වී තිබෙනු පෙනෙන්නට ඇත.
ඒ සියල්ලට කියන්නට ඇත්තේ මේ සැබැවක් වී දකින්නේ සහ මියයමින් සිටි ශ්‍රී ලාංකේය පාපන්දුව නැවත හුස්ම ගන්නා තත්ත්වයට පත්ව ඇතැයි හැඟෙන්නේ තරුණ කොල්ලන් පිරිසකට පෙණුන හීනයක් යථාර්තයක් කරන්නට උන් දැරූ උත්සාහය හින්දා ය.රටට අවශ්‍යය එවැනි හීන දකින තරුණයෝ මිස ලෝකයට වඩා විශාල ලෙස ලංකාව දකින අය නොවෙිය.ලංකාව ලෝකයක් තරම් විශාල කළ හැකිදැයි පරික්ෂා කරන තරුණ පරම්පරාවක් අවශ්‍යය වී ඇත.ඒ නිසා මේ ක්‍රිඩා කරන්නේ ලංකාව දමා ගිය පිරිසක් නොව ලංකාව විසින් අහිමි කර ගත් පරපුරක ලංකාවට වඩා දියුණු තැනෙක සිටින පිරිසක්ය යන්න හොඳින් අවබෝධ කර ගත යුතුය.ඒ දියුණුවට මේ පොළවේ තරුණ ක්‍රීඩකයා පත් කර ගැනීම සහ ඒ සඳහා මේ පැමිණ සිටින ලංකාවට නෑකම් කියන දියුණු ක්‍රීඩකයින් යොදා ගන්නේ කෙසේද යන්න ගැන සිහින දකින තරුණයෙක් වීම මොහොතේ අවශ්‍යයතාවය ය.


එවැනි හීන දකින පරම්පරාවක් අඛණ්ඩව නඩත්තු කළ හැකි රටක් වූ දවසක, ප්‍රංශයට දියුණුව සොයා එන දක්ෂයන් සේ ලොව පුරා සිටින පිරිස් ලංකාව තමන්ගේ ඊළඟ පරපුරේ නිජබිම කිරීමට මෙහි එන්නට ඉඩ ඇත.ඒත් තවමත් තිබෙන්නෙ අපි අපේ ඊළඟ පරපුරට හොඳ ජීවිතයක් දෙන්න මේ පොළවෙන් ඈත් කර යැවිය යුතුය යන්න සිතන්නට වී තිබෙන රටකය.එවැනි රටක අපේ ලේ ඇති මුතුන් මිත්තන් ඔස්සේ ගොස් මේ සොයා ගත් ලාංකේය උරුමයන් ලංකාවේ පාපන්දුවට ලබා දෙන කීර්තිය වෙනුවෙන් ඔල්වරසන් දෙන්නට එකතු වෙන එක රටේ පුරවැසියන්ගේ යුතුකමය.මේ සමහර දෙනෙක් අපේ සම්ප්‍රදායික බෙදීම් දේශපාලනය නිසා මේ රට සුරක්ෂිත නැති නිසා මෙරට හැර ගිය මුතුන් මිත්තන්ගේ අලුත් පරමුපරාවේ නියෝජනයන් ද විය හැකිය.ඒ නිසා මේ වගකීම් අතරේම නිවැරදිවීමේ හැකියාවේ පණිවිඩය ද තිබෙන බව අප අමතක නොකළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...