ආණ්ඩුවේ ගමන් මග ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ජනතාවත් හොඳටම බනිනවා ආණ්ඩුවට – මහින්ද

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය ලබාගැනීමට සූදානම් බවත් ඊට අවශ්‍ය මොහොතේ එළියට බහින බවත් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – මුලින් එන මැතිවරණය ජනාධිපතිවරණයද, මොකක්ද ?

“ඕනෙම මැතිවරණයක් තියනවා”

ප්‍රශ්නය – එළියෙන් ලැබෙන ආරංචි අනුව ඔබතුමන්ලාගෙ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කැමති කතාවක් කියනවා, තව කණ්ඩායමක් එහෙම අකමැතියි කියලා කතාවකුත් පෙනී යනවා. මොකක් හරි හරි දෙකඩ වීමක් තියෙනවාද ඒ සිදුවීමත් එක්ක ?

“නෑ, එහෙම දැනගන්නට නම් නෑ මට. ඔක්කොම නිකම් කතා විතරයි”

ප්‍රශ්නය – මේ ආණ්ඩුව යන ගමන් මඟ ගැන මොකද හිතන්නෙ ?

“නෑ, එහෙමම සෑහීමකට පත්වෙන්නෙත් නෑ අපි”

ප්‍රශ්නය – ජනතාවත් පොඩ්ඩක් බනිනවා හැබැයි ?

“ඔව්, හොඳටම බනිනවා ජනතාව නම් …”

ප්‍රශ්නය – ඔබතුමාලා බලය ගන්න බලාපොරොත්තුවක් නැද්ද දැන්ම ?

“අපි ලෑස්තියි බලය ගන්න, ඒකට අවශ්‍ය වෙලාවට අපි එළියට බහිනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...