ආණ්ඩුවේ ගමන් මග ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ජනතාවත් හොඳටම බනිනවා ආණ්ඩුවට – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය ලබාගැනීමට සූදානම් බවත් ඊට අවශ්‍ය මොහොතේ එළියට බහින බවත් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – මුලින් එන මැතිවරණය ජනාධිපතිවරණයද, මොකක්ද ?

“ඕනෙම මැතිවරණයක් තියනවා”

ප්‍රශ්නය – එළියෙන් ලැබෙන ආරංචි අනුව ඔබතුමන්ලාගෙ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කැමති කතාවක් කියනවා, තව කණ්ඩායමක් එහෙම අකමැතියි කියලා කතාවකුත් පෙනී යනවා. මොකක් හරි හරි දෙකඩ වීමක් තියෙනවාද ඒ සිදුවීමත් එක්ක ?

“නෑ, එහෙම දැනගන්නට නම් නෑ මට. ඔක්කොම නිකම් කතා විතරයි”

ප්‍රශ්නය – මේ ආණ්ඩුව යන ගමන් මඟ ගැන මොකද හිතන්නෙ ?

“නෑ, එහෙමම සෑහීමකට පත්වෙන්නෙත් නෑ අපි”

ප්‍රශ්නය – ජනතාවත් පොඩ්ඩක් බනිනවා හැබැයි ?

“ඔව්, හොඳටම බනිනවා ජනතාව නම් …”

ප්‍රශ්නය – ඔබතුමාලා බලය ගන්න බලාපොරොත්තුවක් නැද්ද දැන්ම ?

“අපි ලෑස්තියි බලය ගන්න, ඒකට අවශ්‍ය වෙලාවට අපි එළියට බහිනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...