මේ IMF ගිවිසුම එක්ක අපට බැඳියාවක් නෑ. අපේ ආණ්ඩුව අලුත්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යන්නත් පුළුවන්. දැන්ම කියන්න බෑ – හඳුන්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වත්මන් ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය තම ආණ්ඩුවක් යටතේ නැවත සමාලෝචනය කරන බවත් ණය ආපසු ගෙවීමේදී ඒ සෑම ණය ගිවිසුමක්ම නැවත සමාලෝචනය කිරීමේ අයිතියක් තමන්ට ඇති බවත් මේ සියලු පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහනකට අලුතින්ම යාමට ද ඇතැම්විට තමන්ට සිදුවනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් දැන්ම යමක් පැවසීමට නොහැකි අතර එහි අවිනිශ්චිතභාවයක් පවතින බවයි හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

“1948 ඉඳලා මේ හොරු ටික ගත්ත ඒවා අපට ගෙවන්න වෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, ඒ ගෙවන්න වෙනකොට ඒ හැම ගිවිසුමක්ම නැවත සමාලෝචනය කිරීමේ, එකඟතාවන් නැවත සමාලෝචනය කිරීමේ අයිතියක් අපට තියෙනවා”

ප්‍රශ්නය – දැන් මේ ආණ්ඩුව පත්කරපු මූල්‍ය සහ නීති උපදේශකයො තමයි මේ වෙද්දී ඔය ණය හිමියන් සමග කේවල් කිරීම කරලා අවසාන ගිවිසුමකට එන්නෙ. එතකොට ඔබතුමාලා ආවොත් ඔබතුමාලා කියන්නෙ මේ ගිවිසුම් නැවත සමාලෝචනය කරලා සියලුම දෙනා එක්ක ආයෙ ප්‍රතිව්‍යුහගතකරණයකට, සාකච්ඡාවකට යනවා කියලාද ?

“සමහරවිට. මොකද දන්නවාද ? අපට බැඳියාවක් නෑනෙ ඒගොල්ලො රටට කියලා ….”

ප්‍රශ්නය – නමුත් රටනෙ. ජනරජයනෙ එකඟවෙන්නෙ අවසානයේ ?

“නෑ, නෑ, නෑ. ඔය ලසාඩ් ලෆාල් කියන කට්ටිය කවුද ඔය …”

ප්‍රශ්නය – ඒ අපි වෙනුවෙන් තමයි මේ කේවල් කිරීම කරන්නෙ ?

“කවුද ? කවුද අනුමත කරගත්තෙ ? කොහෙද අනුමත කරගත්තෙ ? පාර්ලිමේන්තුවෙ අනුමත කළාද ?”

ප්‍රශ්නය – කැබිනට් අනුමැතියකින් නෙ ඒක කරන්නෙ ණය පිළිබඳ කේවල් කිරීම ?

“නෑ, කැබිනට් අනුමැතිය කියලා ඒක පාර්ලිමේන්තුවෙ අනුමත කරාද ? ජනතාවගෙ නියෝජිතයො ඉන්නෙ පාර්ලිමේන්තුවෙ නෙ”

ප්‍රශ්නය – ඔබතුමාලා කියද්දී අපි නැවතත් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීමේ ක්‍රියාවලියකට යන්න ඉඩ තියෙනවා කියලා, ඒක බරපතළයිනෙ ?

“මට ඒක දැන් කියන්න බෑ. මට දැන් කියන්න බෑනෙ”

ප්‍රශ්නය – නමුත් අවිනිශ්චිතයි ?

“ඔව්”

ප්‍රශ්නය – අවිනිශ්චිතතාවය කියන්නෙ ආර්ථිකයේ තියෙන හතුරා ?

“හරි, දැන් එතකොට මේ ආණ්ඩුවත් එක්ක යන මේ ගමන නිශ්චිතයිද ? දැන් මේ ආණ්ඩුව හෙට මොනවා කරයිද කියලා කවුද දන්නෙ ?”

ප්‍රශ්නය – නමුත් තවත් රටට අවශ්‍ය අවිනිශ්චිතභාවයක්ද ?

“නෑ. දැන් ඔයා ඔය හදන්නෙ ඔයාගෙ මතය තහවුරු කරන්න හදන්නෙ මාලිමාවෙ ආණ්ඩුවක් ආවොත් මීටත් වඩා රට අස්ථාවර වෙයි, අවිනිශ්චිත වෙයි කියලා නේද ?

ප්‍රශ්නය – නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණයකට නැවතත් යොමුවෙන්න සිද්ධ වෙයිද ? සරලයි ප්‍රශ්නය

“ඒක මට දැන් කියන්න බෑ. ඒක මට දැන් කියන්න බැරි මොකද දන්නවද, මේ යන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් අවංකව කෙරෙනවා නම් අපට ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ යන ක්‍රියාවලිය අපට දරාගන්න බැරි කොන්දේසි සහිතව නම් තියෙන්නෙ, ඒක ප්‍රශ්නයක්”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...