අගමැතිවරයා බෙයිජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!

Date:

කොළඹ LNW:අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්‍ත,ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ද මේ හමුවට එක්වූහ.

හයිනාන් පළාතේ පැවැත්වෙන බෝආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අගමැතිවරයා පස්දින නිල සංචාරයක නිරත වනු ඇත.

වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිළධාරීන්ගේ සංවිධානයෙන් පැවති එම හමුවට චීනයේ ‍සිටින ව්‍යාපාරිකයින්,විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ද සහභාගී වූහ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...