කොළඹ බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගැටීමෙන් ෆ්‍රැන්සිස් ස්කොට් පාලම කඩා වැටේ!(VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද උදෑසන බැල්ටිමෝර් හි පාලමක කන්ටේනර් නෞකාවක් ගැටීමෙන් විශාල හානියක් වාර්තා වී ඇත.

සිංගප්පූරුවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ බලා පිටත්ව ගියේ 1:27AM ET ට පිටත්ව ඇති අතර එම නෞකාව Baltimore හි Francis Scott Key Bridge හි ගැටී ඇති බව වාර්තා වේ.

බැල්ටිමෝර් නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව තහවුරු කළේ , සැතපුම් 1.6 ක දුර ප්‍රමාණයේ වාහන කීයක් තිබේද යන්න අපැහැදිලි නමුත් “අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු” ගඟට වැටී ඇති බවයි.

බැල්ටිමෝර් නගරයේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ප්‍රධානී කෙවින් කාට්රයිට් මෙම සිද්ධිය හැඳින්වූයේ “වර්ධනය වෙමින් පවතින මහා අනතුරු සිදුවීමක්” ලෙසිනි.

මේරිලන්ඩ් හි බැල්ටිමෝර් හි සැතපුම් 1.6 ක් දිග පාලමක් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් වාහන කිහිපයක් ජලයට යවා කඩා වැටී ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයින් බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනා බවත් ඔවුන්ගේ අවධානය ඒ පිළිබඳව යොමු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පාලම මත කොපමණ පිරිසක් සිටියාද යන්න දැන ගැනීමට තවමත් නොහකි වී ඇති නමුත්, මෙම පාලම කඩා වැටීම සමූහ ජීවිත හානි සිදුවිය හැකි සිදුවීමක් බව එරට මාධ්‍ය වාර්තා කරයි. පාලමේ සජීවී ප්‍රවාහයක වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ භාණ්ඩ නෞකාවේ ගැටීමෙන් පසු එහි පරාස කිහිපයක් කඩා වැටෙන ආකාරයයි.

පාළමේ මධ්‍යම කොටසට යාත්‍රාව කඩා වැටීමෙන් පසු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටෙන මොහොත බිහිසුණු ආකාරයක් ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...