හරක් කටාත් පහසුකම් ඉල්ලා සිටී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): අද (26) දින අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්‍රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙන බව සඳහන් වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබෙන්නේ, ‘හරක් කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව පැවසේ.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රඳවුම් භාරයේ පසුවන තම සේවාදායකයා විසින් පහසුකම් කිහිපයක් ඉල්ලා සිටින බව සඳහන් කර ඇති අතර, ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15ක් කාලය පැයක් දක්වා වැඩි කරන ලෙස නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කර ඇත.

එසේම විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිට ඇත.

ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති බවත්, එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේ දැයි කරුණු පරීක්ෂා කර බලා අප්‍රේල් මස 08 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතාට නියෝග කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...