බ්‍රසීලයට ගංවතුර : 27 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් හය දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයේ එස්පිරිටෝ සැන්ටෝ ප්‍රාන්තයේ මරණ 19ක් වාර්තා වී ඇති අතර අසල්වැසි රියෝ ද ජැනයිරෝ ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති අතර එස්පිරිටෝ සැන්ටෝ හි 7,000 කට වැඩි පිරිසකට තම නිවෙස්වලින් ඉවත්වීමට සිදුව තිබේ.

කෙසේ නමුත් ගලවා ගැනීමේ මෙහෙයුම් ප්‍රාන්ත දෙකෙහිම ක්‍රියාත්මක වන අතර රියෝ ද ජැනයිරෝ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ සහ එස්පිරිටෝ සැන්ටෝ ආණ්ඩුකාර රෙනාටෝ කැසග්‍රන්ඩේ වඩාත් ප්‍රවේශම් වන ලෙස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා තිබේ.

සතිය පුරා වර්ෂාපතනය තවමත් නතර වී නොමැති බැවින් ගංවතුර සහ නායයෑම් ප්‍රධාන අවධානමක් බවට පත්ව ඇත. බ්‍රසීලයේ වේගවත් නාගරීකරණය සහ බොහෝ විට අනාරක්ෂිත ඉදිකිරීම් සමඟ මෙම තත්වය මාරාන්තික බලපෑමක් බවට පත්ව ඇත.

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සෙනසුරාදා X හි සටහනකින් විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර රජය විපතට පත් පවුල් සහ ජීවිත අහිමි වූවන් ගැන අනුකම්පා කරන අතර ආරක්ෂා කිරීම, වැළැක්වීම සහ අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රාන්ත සහ නාගරික ආන්ඩු සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...