රොක්ෆර්ඩ් ප්‍රදේශයේ පිහි ඇනුමක්, 4 දෙනෙකු මිය යයි.

0
509

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිහි ඇනුමකින් ඇමරිකාවේ ඉලිනොයිස් හි රොක්ෆර්ඩ් ප්‍රදේශයේ 4 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධියෙන් 15 හැවිරිදි දැරියක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් හා 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙන අතර, මෙම සිද්ධිය පිලිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.