විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් පසුගියදා ඇමති තනතුරුවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය සහ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය දැනටමත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් පක්ෂ 11 කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සිය තීරණය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

වර්තමානයේදී රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුදවලට විසඳුම් සොයා ගැනීම මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවීමේ අරමුණ වන අතර විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් දෙක වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයද තවමත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...