රනිත්මාට සූරතාවයන් දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 29, කොළඹ (LNW): නිමාව දුටු වෙළද සේවා බැඩ්මින්ටන් තරගාවලියේ දී රනිත්මා ලියනගේ කාන්තා කේවල සූරතාවය සහ ඉන්දුනීසියානු ක්‍රීඩක ඇලන් ධර්මස්පුත්‍ර ක්‍රිස්ටාන්ටෝ සමඟ එක්ව මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගනිමින් තරගාවලියේ ද්විත්ව සූරතා සඳහා හිමිකම් කීවාය.මිශ්‍ර යුගල අවසාන තරගයේදී ඉන්දුනීසියාව නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙක් වූ මාර්සෙලෝ විට්ටෝරියෝ මේනකී,ප්‍රවීනා විජේසුන්දර සමඟ එක්ව රනිත්මාට සහ ඇලන්ට එරෙහිව තරග කිරීම කැපී පෙණින.


පිරිමි කේවල සූරයා වූයේ සවිනික වීරසේකර ය.තරගාවලියේ පිරිමි යුගල අංශයේ දී දිනුරු රශ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් සේනාරත්න යුගල සූරයෝ වූහ.අනුරංගි හංසමාලි මාස්කෝරාල සහ විධාරා සුහස්නි විදානගේ කාන්තා යුගල සූරතාවය දිනා ගන්නට සමත්කම් පෑහ.


බාලක සහ බාලිකා තරග අංශයෙන් වයස අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා ද,ප්‍රවීන තරග අංශයෙන් වයස් කාණ්ඩ 30 න් ඉහළ සිට 35,40,45,50,55,60,65,70 දක්වා ත්,අවුරුදු 110 එකතු ව වන යුගල තරග අංශ ද සමඟ තරගාවලිය ක්‍රියාත්මක විය.


අවුරුදු 110 එකතුව සැපිරෙන යුගල තරගවලදී පිරිමි යුගල තරගයේ ජයග්‍රහණයට මෙන්ම මිශ්‍ර යුගල තරගයේ ජයග්‍රහණයට ද රොහාන් ද සිල්වා හවුල්කරුවෙක් විය.ඔහු පිරිමි තරගය මංජුල ප්‍රනාන්දු සමඟත් මිශ්‍ර තරගය රේණු චන්ද්‍රිකා ද සිල්වා සමඟත් එක්ව ජය ගැනීමට සමත් විය.මාර්තු 16 වන දා සිට මාර්තු 23 වන දා දක්වා ක්‍රියාත්මක වූ තරගාවලිය කළමණාතරනය කරමින් වෙළද සේවා බැඩිමින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මඟ පෙන්වීම සහිතව දැක් වූ දායකත්වය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට විශාල දායකත්වයක් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...