පුටින්ගෙන් පොරොන්දුවක්!

Russian President Vladimir Putin delivers his annual address to the Federal Assembly, in Moscow, Russia, February 29, 2024. Sputnik/Sergey Guneev/Kremlin via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පෝලන්තය , චෙක් රාජ්‍ය ඇතුළු කිසිදු නේටෝ රටක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකරන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් නිවේදනය කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පුටින් තව දුරටත් ප්‍රකාශ කර්න්නේ, බටහිර රටවල් යුක්‍රේනයට ප්‍රහාරක ගුවන් යානා ලබාදුනහොත් ඒවා බිම හෙළිමට රුසියා ගුවන් හමුදාව පියවර ගන්නා බවයි,

1991 වසරේ සෝවියට් සමූහාන්ඩුව බිද වැටිමෙන් අනතුරුව ඇමෙරිකාව ප්‍රමුඛ රුසියා විරෝධී රටවල් රුසියාව දෙසට තම බලය පැතිරවීම ආරම්භ කළ අතර, ඒ අනුව රුසියා සමූහාන්ඩුවට අයත්ව තිබූ රටවල් නේටෝ සංවිධානයට සම්බන්ධ කර ගැනීම සිදුවිය.

නමුත්, රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, එම රටවල් සමග රුසියාවේ කිසිදු ගැටුමක් නොමැති බවයි.