කවීශා සහ විශ්මි දකුණු අප්‍රිකාවට එරෙහිව නොසිතු ප්‍රහාරයක

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 28, කොළඹ (LNW):

මාර්තු 30 දා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් දවසක් වුණා.ඒ ජාත්‍යන්තර තරග පිටියේ තරග තුනකට ජාතික කණ්ඩායම් සහභාගි වූ බැවින්.ඒ අතරින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම බංගලාදේශ සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට මුහුණ දුන්නා.එහිදී දිනය අවසාන වන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියා.අර්ධ ශතක තුනක් ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තා වූ අතර එහිදී වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට කුසල් මෙණ්ඩිස් සමත් වුණා.ඔහු ලකුණු 93 ට දැවී ගියා.දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් සහ නිශාන් මධුශ්ක ලකුණු 57 ක් ලබා ගත්තා.

ඒ අතර යොවුන් කණ්ඩායම ලංකාවේ ක්‍රියාත්මක තුන් ඈදුතු අවුරුදු 19 න් පහළ තරගාවලියේ දී එංගලන්තය පරාජය කරමින් තරගාවලියේ පෙරමුණට එද්දී,ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී ඔවුන් සමඟ පවත්වන විස්සයි විස්ස දෙවන තරගය කඩුලු 7 න් ජය ගෙන තරගාවලිය සම කරන්නට සමත් වුණා.
දකුණු අප්‍රිකානු ඉණිස ලකුණු 137 ට සීමා කරමින් පන්දු යවන්නියන් දියත කළ සටන ජයග්‍රාහීව නිමා කරන්නට කැපවුණ පිතිකාරිනියන් දෙදෙනා වූයේ විශ්මි ගුණරත්න සහ කවීශා දිල්හාරි යි.ඔවුන් දෙදෙනා පන්දු 46 ක් තුළ ලකුණු 76 ක නොබිඳි සබඳතාවයක් සිව්වන කඩුල්ලට ඇති කරමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සමත් වෙනවා.ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නිසා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රිඩා නොකරන විශ්මි මෙම තරගයේදී පන්දු පන්දු 57 දී නොදැවී ලකුණු 65 ක් ලබා ගන්නවා.පන්දු යැවීමේදී ද කඩුල්ලක් දවා ගත් කවීශා වඩාත් කැපී පෙණුන ක්‍රීඩිකාව වෙමින් පන්දු 28 දී නොදැවී ලකුණු 45 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ නිල වීරවරිය හැටියට අභිශේක ලබනවා.

ආරම්භක පිතිකාරිණය ලෙස පිටියට පිවිස 18 හැවිරිදි විශ්මි දියත් කළ සැළසුම් සහගත සහ වගකීම් සහිත පිතකරණය කවීශා වැනි ක්‍රීඩිකාවකට නිදහසේ සහ නිදැල්ලේ ලකුණු අතරට ඒමට විශාල පිටුවහලක් වුණා.විස්සයි විස්ස තරගයක දී ජය ලබන්නටනම් චමරි අතපත්තුගේ පිත්ත කතා කළ යුතුමයි යන න්‍යාය බොරු කරමින් ශ්‍රී ලංකාවට චමරිගේ පිත්ත කතා නොකළත් කතා කරන්නට තවත් පිති පෙළ ගැසෙමින් සිටින බව පෙන් වූ තරගයක් ලෙස මේ තරගය හැඳින්විය හැකියි.චමරි ලකුණු 6 ට දැවී ගිය අතර,වර්ථමානයේ ශ්‍රී ලංකා පිතිකරණයේ ලකුණු අතර නිතර සිටින්නී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12 ට ත් දැවී ලිය පසුව හසිකි පෙරේරා ත් එක ලකුණකට දැවී ගියා.එතැන් සිට තරගය සිය දෙ’උර මත තබා ගෙන වගකීමෙන් සහ ප්‍රහාරාත්මකව මැඳිහත් වූ විශ්මි සහ කවීශා ප්‍රබල දක්ණු අප්‍රිකාණු ලකුණූ පූවරුව පසු කළේ තවත් පන්දු 7 ක් ඉතිරිව තිබියදී යි.

අලුත් සහ වෙනස් බලයන් ජයග්‍රහණය වෙනුවෙන් හ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තුළ අත්දැකීම් සමඟ ගොඩ නැඟෙමින් තිබෙන බව පැහැදිළි වුණ තරගයක් වූ මේ තරගායේ ජයග්‍රහණය අදාළ තරගයට සීමා නොවුණු කාන්තා ක්‍රිකට් රටේ නංවාලීම සඳහා මඟ පෙන්වීමක් ලෙස ගත් හැකිය.
ලකුණු ව්ස්තරය – https://www.espncricinfo.com/series/sri-lanka-women-in-south-africa-2023-24-1398245/south-africa-women-vs-sri-lanka-women-2nd-t20i-1398262/full-scorecard

කවීශා සහ රශ්මි දකුණු අප්‍රිකාවට එරෙහිව නොසිතු ප්‍රහාරයක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...