ජනාධිපති රනිල්ගෙන් පාස්කු දිනයට පණිවුඩයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW):ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා මහත් පීඩාවකට පත් වුව ද දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතු බවය.

ජනාධිපතිවරයා මෙම පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප, අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැලලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකම බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...