පසුගිය 30 වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුවේ සහ ආසන සංවිධායකයින්ගේ රැස්වීමේදී තනතුරුවලින් ඉවත් කෙරුණු එම පක්ෂයේ ප්‍රබලයින් තිදෙනා එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එදින දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයෙනුත් මහින්ද අමරවීර මහතා ජ්‍යේෂ්ඨ උපසභාපති ධුරයෙනුත් ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාරික ධුරයෙනුත් ඉවත් කිරීමටයි තීරණය කර තිබුණේ.
RN