*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):අනුරට මල්ටි බැරල් හරවද්දී අනුර රොකට් ලෝන්චර්වලින් උත්තර දෙයි/මෛත්‍රීගේ පොලිටික්ස් ආතල්/චම්පිකත් ට්‍රැක් එකට!

කොළඹ LNW: ගෙවුණු සතියේ දේශපාලනය විවිධ මාතෘකා ඔස්සේ අවධානයට යොමු වූ අතර ඉන් ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ කැනඩා සංචාරය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාස්කු මහ මොළකරු සම්බන්ධයෙන් වූ ප්‍රකාශය,නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්වීම,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වීමට සූදානම් බව පැවසීම මෙන්ම ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී එළඹෙන්නේ ජනාධිපතිවරණයක් බවට ජනාධිපති රනිල් රමසිංහගේ පාර්ශවය වන එක්සත් ජාතික පක්ෂය පැවසීම යන කාරණා වැඩි අවධානයක් දින ගන්නා ලද අවස්ථා ලෙස හඳුනාගත හැකිය. මේ අතර එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය අතර යම් එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙන අතර ඉදිරි දේශපාලන වෙනස්කම් මත එවැනි එකඟතාවකට පැමිණියහොත් දේශපාලන කරළිය නොසිතන ආකාරයේ පෙරළියකට වුවද යොමුවිය හැකිය.

විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් ලෙස ඇමති ධූර දරමින් මෙන්ම මන්ත්‍රීධූරවල හිඳිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන කණ්ඩායම දිගින් දිගටම පවසමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කළ යුතුව ති බවයි.

පසුගිය 28 වැනිදා පොහොටුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබුණේ පොහොට්ටුව තුළ පේනමානයක අපේක්ෂකයෙක් නොමැති අතර හිටපු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති තනතුර රනිල් වික්‍රමසිංහ වෙත පැවරීමෙන් අනතුරුව ඔහුගේ ක්‍රියාකලාපය තුළ රට ස්ථාවර කිරීමට හැකියාවක් ලද හෙයින් ඉදිරි ජනධිපතිවරණයේදී රට රනිල් වික්‍රමසිංහට භාර දිය යුතු වන බවයි.

කෙසේවෙතත් රාජපක්ෂ පවුල නියෝජනය කරමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් දැන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර මැතිවරණවලට පක්ෂයක් ලෙස සූදානම් බව දිගින් දිගටම අවධාරණය කරමින් පසුවෙයි.

ජාතික සංවිධායක ධුරය පවා නාමල් වෙත විතැන් කර තිබෙන නමුත් මැතිවරණ අපේක්ෂාව විසින් පොහොට්ටුවේ දේශපාලන අර්බුද වැඩිකර තිබෙන බව නම් කිව හැකි දෙයක් බවට පත්ව තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂද මහමැතිවරණයක අපේක්ෂාවෙන් ඒ සඳහා වෙහෙසෙමින් සිටින පසුබිමක අනෙක් පසින් එක්සත් ජාතික පක්ෂය විසින් අවධාරණය කරමින් පසුවන්නේ කවුරුන් හෝ සැනසීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොමැති ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

ඒ අනුව ජනාධිපති වික්‍රමසිංහ ද සිය අණසක පොහොට්ටුව වෙත මුදාහැර ඇති ආකාරය පෙනෙන්නට ඇති අතර මේ වන විට පොහොට්ටුවේ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ඔවුන් දෙකඩ වීමේ අවදානමක් ද පවතින බවයි වාර්තා වන්නේ.

පොහොට්ටුවේ මෙම කලබැගැනී අතරේ අනෙක් පසින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද ඔහුගේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් ඔස්සේ දැන් කෙලින්ම ජනධිපතිවරණ පිටියට පිවිස සිටිනවා.

පසුගියදා ඔහු හෝමාගමදී ජන හමුවක් අමතමින් පැවසුවේ වත්මන් අර්බුදවලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන අතර එම සන්ධානයෙන් යෝජනාවක් පැමිණියහොත් ජනාධිපතිවරණ අපේක්ෂකතයට තමන් ඉදිරිපත්වන බවයි.

අමාත්‍යාංශය නිසි ලෙස පවත්වාගෙන යමින් වැඩ කළ හැකි බව පෙන්වා තිබෙන හෙයින් ජනාධිපතිවරණ අභියෝගයද තමන් භාරගැනීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව පොදු අපේක්ෂක සිහිනය රණවක මන්ත්‍රීවරයා වෙතින් පෙන්නුම්කරමින් තිබෙන අතර එය රනිල් වික්‍රමසිංහ පාර්ශවයට වුවද අවසිල්ලක් ගෙන දෙන කාරණයක් විය හැකි බවයි දේශපාලන ගැන සංවේදී අය දැන් පවසන්නේ.

කොහොමත් චම්පික තුළ එහෙමට රනිල් විරෝධයක් නොමැති අතර ඔවුන්ට දේශපාලනිකව එකට වැඩකිරීමේ නොහැකියාවක් නොමැති බවත් එහෙත් මෙහි අවාසිය එන්නේ සජිත් ප්‍රේමදස දෙසට බවද ඇතැමුන් පවසනවා.

සජිත් පාර්ශවය රනිල් පාර්ශවය වෙත එකඟකර ගැනීමේ ක්‍රියාවලිය නිෂ්ක්‍රීය වුවහොත් එතැනට නිතැතින්ම චම්පිකට පිවිසීමේ ඉඩද විවර විය හැකියි.

ඒ අනුව මේ මොහොතේ රණවක මන්ත්‍රීවරයාගේ හැසිරීම සෘජුවම මෙන්ම වක්‍රවද සමඟියට බාධාවක් විය හැකියි.

එහෙත් මේ සියලු පාර්ශව එකම වේදිකාවකට වුවද ගැටගසා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කල්පනා නොකරනු ඇතැයිද කිව නොහැක.

දැන් මේ සියල්ල මැද තවදුරටත් තරුව ලෙස ජාතික ජන බලවේගය මතුව සිටියි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගියදා එක්වූ කැනඩා සංචාරයද ජනතා ආකර්ෂණය දිනාගත් අවස්ථාවක් වූ අතර විශේෂයෙන් ඔහුට දෙමළ ජනතාවට ආමන්ත්‍රණය ඒ අවස්ථාවක් ලැබීමක් ලෙසද එය එක්පැත්තකින් දැක්විය හැකියි.

ජන වාර්ගික පදනම දේශපාලන ඉතිහාසය පුරාම සට කපටි අන්දමින් යෙදවුණු කාරණයක් වන අතර එය හැම විටම දිස් වූයේ දේශපාලන පා පන්දුවක් ලෙසින්.

ජන කොටස් විශේෂ කරගනිමින් ඔවුන්ට අනන්‍ය ප්‍රශ්න අර්බුද විශේෂ කොට ගනිමින් ඒ ජන්ද පදනම ස්පර්ශ කළ නමත් ජනතාවගේ පාර්ශවයට සිදු උව් සෙතක නොමැති බව පෙනෙන්නට ඇති කාරණයක්.

පොඩ්ඩ බැරි වුණොත් ඇවිලෙන්නට යන්නේ අස්පිල්ලන් ගහන වේගය බවද අදටත් විශ්වාසය.

එවැනි පසුබිමක අනුර දිසානායක විසින් උතුර දකුණ සම ලෙස ආමන්ත්‍රණය කිරීම දේශපාලන වශයෙන් බුද්ධිමත් මැදිහත් වීමක් ලෙසයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව සියලු ජනවර්ග මුහුණ දෙන ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් අවස්ථා පුළුල් කිරීම ගැන ඔහු පැහැදලිව පවසා තිබෙනවා.

පවතින අර්බුදයන්ගෙන් රට ගොඩ ගන්න තෙක් මෙකී අවශ්‍යතා ඉටුකිරීමට ඔවුන්ගේ ආණ්ඩුවකින් වැඩපිළිවෙලක් ඇති බවයි දිසානායක මහතා අවධාරණය කළේ.

එම සංස්කෘතික වටිනාකම් හඳුනා ගැනීම තුළ අනුර දිසානායක තවදුරටත් ජනතාව අතරට යමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් වන බලාපොරොත්තු දල්වා ගැනීමටද ඉඩ සලස්වා තිබෙන අයුරු පෙනෙන්නට ඇති කාරණයක්.

මේ සියලු කාරණා මැද හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ ඔහු එම ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් දන්නා අතර එය රහසිගත ප්‍රකාශයක් ලෙස අදිකරණය හමුවේ ලබා දීමට සූදානම් බවයි.

කොහොමත් හද පේන කාලයට කොහෙද හිටි ගමන් අමුතු පන්නයේ වැඩ කිරීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන නම් දරා තිබෙන අතර ඒ නිසාම විටෙක ඔහු දේශපාලන විහිලිවක් ලෙසද පෙනෙන්නට තිබෙනවා.

පාස්කු ප්‍රහාරය යනු පහසුවෙන් තැකිය හැක්කක් නොවන අතර එය දේශපාලන බල පෙරළියට පවා සෘජුව බලපෑ කාරණයකි.

තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිරිසේන හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් අතර දැන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් වන විමර්ශන ඉදිරියට යමින් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය (28) එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

පාස්කු ප්‍රහාරය සිදුවූයේද රටේ ජනධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටි සමයේ වනහෙයින් එම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් වෙත මෙන්ම ඉන් වින්ඳිත බවට පත්වූ සියලු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමේ වැඩි වගකීමක්ද සිරිසේන හිටපු ජනාධිපතිවරයා සතුව වෙයි.

එක අතකින් ඔහු සම්බන්ධයෙන් වන දේශපාලනික විශ්වසභාවයට පළුද්දක් ඇතිව තිබෙන තත්ත්වයක ඔහු මේ ප්‍රහාරය ගැන යම් සත්‍යයක් දන්නේ නම් සැබෑ ලෙසම එය අනාවරණය කරමින් සමස්තයක් ලෙස රටට සාධාරණයක් ඉටුකළ යුතු වෙනවා.

නැත්නම් එය තවත් දේශපාලන ජෝක් එකකින් අවසන් වීමට නියමිත වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan