“Tattoo Popping Candy” ඔබේ දරුවා ළඟත් ඇත්දැයි බලන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW):මේ දිනවල පාසල් ළමුන් අතර බහුලව ව්‍යාප්ත වන බව කියන මත්ද්‍රව්‍ය අඩංගු විදේශීය ටොෆි වර්ගයක් ගැන කියමින් වට්ස්ඇප් සමාජ මාධ්‍යයේ පණිවුඩයක් සංසරණය වුවද , එම ටොෆි වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු වන බවට මෙතෙක් වාර්තා වී නොමැති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙයි.

“Tattoo Popping Candy” නමින් හඳුන්වන විදේශීය ටොෆි වර්ගයක මත්ද්‍රව්‍ය අඩංගු වන බවත් එය පාසල් දරුවන් අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් පාසල් ආශ්‍රිතව වෙළෙඳසල්වල අලෙවි කිරීමට සහ පාසල් තුළ බහුලව ඇති බවත් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ පණිවුඩ හුවමාරු වෙමින් පවතී. මෙම ටොෆි විශේෂය ආහාරයට ගන්නා විට කට තුළ පුපුරා යන බවත් ඒ තුළ කුඩු වර්ගයක් ඇති බවත් ඉන් දරුවන් මත්වන බවත් පණිවුඩයෙහි සඳහන් වේ.

මෙම ටොෆි වර්ගය විදෙස් රටකින් ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් එහි මත්ද්‍රව්‍ය අඩංගු බවට වාර්තා වී නොමැති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන හා තොරතුරු නිලධාරි චාමර කරුණාරත්න මහතා පැවසූයේය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අවධානයෙන් පසුවන බවද පැවසේ,

අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙම ටොෆි විශේෂයේ අධි ආම්ලික තත්ත්වය සහ කාබනේට් අඩංගු කර ඇති බැවින් ඇතිවන පිපිරීම සහ අධික ආම්ලිකබව හේතුවෙන් ළමුන්ගේ මෘදු පටකවලට සහ ආමාශයට හානි විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...