පාස්කු ප්‍රහාරය සම්බන්ධව මානව හිමිකම් කවුන්සලයේ ද දැඩි අවධානයට ලක්වුණා – ජී.එල්.පීරිස් (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW):

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන නමුත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු කළ නොමැති බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

නීතිය සාධාරණත්වය සමාජය ප්‍රායෝගික වශයෙන් තහවුරු විය යුතු බවත්, මෑත කාලයේ සිදුවූ ප්‍රබලතම ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය බවත් කියා සිටියේය.

ත්‍රස්තවාදී තොරතුරු වසන් කිරීම ත්‍රස්තවාදී පනත යටතේ වසර හතක් සිරගත කළ හැකි වරදක් බවත්, පාස්කු ප්‍රහාරය සිදුවන විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රටේ ජනාධිපතිවරයා, සේනාධිනායකවරයා හා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් කටයුතු කළ බවත් පැවසීය.

මැතිවරණ පැවැත්වීමට සූදානම්ව සිටියදී මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පැවසූ ඒමහතා,පාස්කු ප්‍රහාරය පිළිබඳව නව ක්‍රියාමාර්ග ගන්නේ නම්, ඒ පිළිබඳව බලය හිමි වන්නේ නීතිපතිවරයාට බවත් කීවේය,

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මානව හිමිකම් කවුන්සලයේ ද දැඩි අවධානයට ලක් වූ බවත්, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරයේ පිළිබඳව තොරතුරු දැන දැනත් ප්‍රකාශ කිරි කල් මැරීම සම්බන්ධව ප්‍රශ්න සහගත බවත්, විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...