මියගිය චීන ජාතිකයන් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝ මුහුදු වෙරළට ගොඩ ගසයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්ත මුහුදු වෙරළේ තිබියදී මියගිය චීන ජාතිකයන් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝ මුහුදු වෙරළේ තිබී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එයට හේතුව වන්නේ, ඔවුන් ගමන් ගත් බෝට්ටුව අනතුරට ලක්වීම බව වාර්තා වේ,

මෙක්සිකෝ ජාතිකයෙකු පැදවූ මෙම බෝට්ටුව ගෝතමාලා දේශ සීමාවේ චියාපාස් සිට පිටත්ව තිබුණි. එහි කාන්තාවන් හත්දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ගමන් කර තිබේ. කෙසේ වෙතත් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන ඇත. එහෙත් බෝට්ටුව පැදවූ රියැදුරු පිලිබඳ මෙතෙක් තොරතුරු හෙළිව නොමැති බව ජාට්‍යන්තර මාධ්‍ය පවසයි.

අනතුරට හේතුව සොයා බලන බවත් විපතට පත් වූවන් හඳුනා ගැනීම සඳහා මෙක්සිකෝවේ චීන තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන බවත් මෙක්සිකානු බලධාරීන් සදහන් කරයි.

මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑත වසරවල වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...