මියගිය චීන ජාතිකයන් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝ මුහුදු වෙරළට ගොඩ ගසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්ත මුහුදු වෙරළේ තිබියදී මියගිය චීන ජාතිකයන් 8 දෙනෙකුගේ සිරුරු මෙක්සිකෝ මුහුදු වෙරළේ තිබී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එයට හේතුව වන්නේ, ඔවුන් ගමන් ගත් බෝට්ටුව අනතුරට ලක්වීම බව වාර්තා වේ,

මෙක්සිකෝ ජාතිකයෙකු පැදවූ මෙම බෝට්ටුව ගෝතමාලා දේශ සීමාවේ චියාපාස් සිට පිටත්ව තිබුණි. එහි කාන්තාවන් හත්දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ගමන් කර තිබේ. කෙසේ වෙතත් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන ඇත. එහෙත් බෝට්ටුව පැදවූ රියැදුරු පිලිබඳ මෙතෙක් තොරතුරු හෙළිව නොමැති බව ජාට්‍යන්තර මාධ්‍ය පවසයි.

අනතුරට හේතුව සොයා බලන බවත් විපතට පත් වූවන් හඳුනා ගැනීම සඳහා මෙක්සිකෝවේ චීන තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන බවත් මෙක්සිකානු බලධාරීන් සදහන් කරයි.

මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑත වසරවල වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...