ඉදිරියේදී මීටත් වඩා සුබදායී විදියට ගෑස් මිල අඩුකරන්න හැකිවේවි – ලිට්‍රෝ සභාපති

Date:

ඉදිරි මාස දෙකේදී මීටත් වඩා සුබදායී ආකාරයෙන් ගෑස් මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

“අපි බලාපොරොත්තු වෙනවා මේ තත්වය ඉදිරියටත් තවතවත් වර්ධනය වෙයි කියලා. පසුගිය කාලසීමාවේදීම මිල වැඩිවීම මිසක් මිල අඩුවීම් අපිට නිරීක්ෂණය කරන්න යෙදුණෙ නෑ. නමුත් අපි ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට පුළුවන් වුණා විශේෂයෙන්ම ඒ මිල එකපාරක් දෙපාරක් ඉහළ දැම්මත් ඊටපස්සෙ ඒ මිල යම්තාක් දුරකට ස්ථාවර මට්ටමක තියාගන්න. මොකද ඒක අපි කල්තියා හඳූනාගෙන, ඒ වැඩිවෙනකොට අපි වැඩියෙන් තොග ගබඩා කරලා තියාගෙන ඒ වුවමනා පරිදි මිල සූත්‍රයන් හරහා අපට කරන්න පුළුවන් විදියට ඒ මිල ස්ථාවරව තියාගෙන යන්න අපි උත්සාහ කරපු හින්දා. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත යාම, රුපියල ශක්තිමත් වීම, යම්තාක් දුරකට ඒකෙ වාසියත් අපි තීරණය කළා – ආයතනයක් විදියට පහුගිය කාලවල ලැබූ යම්යම් අලාභ තිබුණත් ඒවා පියවන්න නොදී – පාරිභෝගිකයා වෙනුවෙන් ඒක මුළුමනින්ම නිදහස් කරලා සිංහල අවුරුදු කටේ තියෙනකොට මේ ගාණෙන් හරි ගෑස් සිලින්ඩරයක් අඩුකරලා ජනතාවට යම්කිසි සහනයක් දීම අරමුණු කරගෙන මේ මිල අඩුකිරීම කරන්න. එනිසා විශේෂයෙන්ම මැයි මාසය, ජුනි මාසය වෙනකොටත් අපි යම්තාක් දුරකට මීටත් වැඩිය සුබදායී විදියට මිල තවදුරටත් අඩුවෙයි කියලා අපි හිතනවා”

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...