මැතිවරණයේදී වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW):තෙදින වැඩමුළුවක් සඳහා, අද (03) දින නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්කොළඹට කැඳවා ඇති බව , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ , එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ බවයි.

මේ සඳහා මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයෙකුගේ ද සහය ලබා ගන්නා බව ද සඳහන්වේ. ලබන ජුලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා පැවසූ අතර, සැප්තැම්බර් 17 – ඔක්තෝබර් 17 ත් කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...