මැතිවරණයේදී වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW):තෙදින වැඩමුළුවක් සඳහා, අද (03) දින නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්කොළඹට කැඳවා ඇති බව , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ , එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ බවයි.

මේ සඳහා මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයෙකුගේ ද සහය ලබා ගන්නා බව ද සඳහන්වේ. ලබන ජුලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා පැවසූ අතර, සැප්තැම්බර් 17 – ඔක්තෝබර් 17 ත් කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...