වසර 13කට පසු පලස්තීනය කළ දේ!

0
750

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):වසර 13කට පසු පලස්තීනය , එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට යළි අයැදුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

වාර්තා වන ආකාරයට, ඊට අදාළ සම්බන්ධීකරණය පලස්තීනයේ රැඳී සිටින එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයක් විසින් සිදු කරන බව පැවසේ.

මීට පෙර 2011 වසරේදී පලස්තීනය ස්වාධීන සාමාජික රාජ්‍යයක් ලෙස පිළිගැනීම එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කළ අතර, නව ඉල්ලීමට අවසන් ප්‍රතිචාරයක් දැක්වීම මේ මාසයේ අවසානයේදී සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.