*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

අගහරු ලොව ගැන ඇමෙරිකාවේ පර්යේෂණ කරනා පිරිසේ ඉහළින්ම වැජඹෙන ලාංකික විද්වතා මහාචාර්ය සුනිති!

අශෝක ජයතුංග
අප්‍රේල් 03 , වොෂින්ටන් LNW :

🎀 කපුගොල්ලෑවේ හිමිගේ මැදිහත්වීමේ වටිනාකම…..?

🎀අගහරු ලොව හා ලංකාවේ පවතින සර්පන්ටයින් පාෂානය…..?

ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක ගැන පර්යේෂණ කරනා (Geology & Geophysics භූ ගර්භ විදියා සහ භූ ගර්භ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ) අංශයේ මහාචාර්ය සුනිති කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවට වටිනා උරුමයක් හා සම්පතකි. ඔහු හිටපු කීර්තිමත් මහාචාර්ය ඩබ්. එස්. කරුණාතිලක මහතාගේ පුතෙකි.

ග්‍රහලෝක ගැන පර්යේෂණ කරනා මහාචාර්ය සුනිති හා සෙසු විද්වතුන් නාසා ආයතනයට අනුබද්ධ පිරිසකි. විශේෂයෙන් අඟහරු ග්‍රහයාගේ මූලාරම්භය විකාශනය හා අනාගතය ගැන කරන පර්යේෂණ වල දී මහාචාර්ය සුනිති ප්‍රමුඛස්ථානයේ සිටින්නෙකි.

මහාචාර්ය සුනිති ගේ Mars (අඟහරු) පර්යේෂණ විසින් සොයාගත් කරුණු මත පදනම්ව අගහරු ලොව (ඇති) පවතින දුර්ලභ සර්පන්ටයින් (සර්පෙන්ටිනයිට්) පාෂාන නිධි ශ්‍රී ලංකාවේ දකුණු පළාත ප්‍රමුඛ ප්‍රදේශ කිහිපයක පවතින බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. ලංකාවට ආවේනික එම නිධි පදනම් කරගෙන මේ වනවිට වඩාත් ගැඔුරු පර්යේෂණ ඇරඹී තිබේ. එම පර්යේෂණ සඳහා ලංකාවේ පේරාදෙනිය මොරටුව ජපුර හා කැළණි විශ්ව විද්‍යාල වල diverse disciplines (Interdisciplinary research අන්තර් විෂයානුබද්ධ පර්යේෂණයන්හි) ක්‍රියා කරන ආචාර්ය මහාචාර්යවරුන්ගේ විශේෂයෙන් පිටවෙල, චන්ද්‍රජිත්,මල්ලවාරච්චි,ධර්මප්‍රිය, විතානගේ හා අඹේගොඩ මහත්වරුන් ඊට නායකත්වය දෙමින් සිටිති. එම ලාංකික විද්වතුන්ගේ හැකියාව ජාත්‍යන්තරව ද ගෞරවයට පාත්‍රවීම විශේෂත්වයකි.

මෙම කටයුතු වලදී (වාග්විද්‍යාව සහ භූගර්භ විද්‍යාව අතර සම්බන්ධය හා සර්පෙන්ටීන් පාසානය ආශ්‍රිත ශ්‍රී ලංකාවේ භාෂාමය දත්ත පිළිබඳ විශ්ලේෂණය) වාග් විද්‍යා සහාය to the collaborative(අන්තර් සහයෝගිතා පර්යේෂණය) ලබා දෙනුයේ කැළණි විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමිය. උන්වහන්සේ ද ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ Sabbatical research (Visiting scholar ආගන්තුක පර්යේෂක) . ලංකාවේ සර්පන්ටයින් නිධි පවතින ප්‍රදේශ වල ජන සමාජය හා පර්යේෂකයන් අතර වාග් විද්‍යා සංනිවේදන පාළම ලෙස ක්‍රියා කරමින් කපුගොල්ලෑවේ හිමි ලබා දෙන දායකත්වය ඉතා වැදගත්ය.

එම හිමියන් හා මහාචාර්ය සුනිති පසුගියදා වොෂින්ටන් DC හි සම්මන්ත්‍රණයකට පැමිණි අවස්ථාවේ තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිස හමුවී මෙම පර්යේෂණ ගැන දැනුවත් කර තිබේ. රාජ්‍ය මැදිහත්වීම හා එම සියලු කටයුතු හා සදහා උපරිම සහාය ලබාදීමට තානාපති සමරසිංහ මහතා ප්‍රතිඥා දී තිබේ.

(සර්පෙන්ටිනයිට්)සර්පන්ටයින් ලංකාවට වැදගත් වනුයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත්ය.ඇමෙරිකාවේ නාසා, ජපන් අභ්‍යවකාශ ඒජන්සිය (JAXA), ඉන්දියානු අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය එකතුව චන්ද්‍රයාගේ සිට අඟහරු දක්වා කරනු ලබන පර්යේෂණ වලට සම්බන්ධවීමට අවශ්‍ය මූලික දැනුම හා ශක්තිමත් පදනම ලබාගැනීමට මේ තුලින් හැකිවීම ලංකාවට වාසියකි. ඒ හරහා ලංකාවේ විද්‍යඥයන්ට හා පර්යේෂකයන්ට ලෝක අභ්‍යවකාශ ගවේෂණයට පාර කැපීම ද මහගු අවස්ථාවකි.

එසේ ලබාගන්නා දැනුම ලංකා භූගර්භයට ආවේනික හෙයින් සෙසු රටවලට සාපේක්ෂව ආර්ථික පවුරක් (Economic moatte) ලංකාවට ඇතිවීම වාසිදායක පසුබිමකි. ලංකාවට ලැබෙන එම වාසිය සෙසු රටවලට බිඳලිය නොහැක්කක් වනු ඇත. දැනට ලෝකයේ වර්දනය වන අභ්‍යවකාශ ආර්ථිකයට ලංකාව ඇතුල්වීම ද ලංකාවට දිගු කාලීන ප්‍රතිලාභයකි.

තවද කෙටි කාලීන වාසි ද පවතී. එනම් ඇමෙරිකාවේ JPL නාසා මධ්‍යස්ථාන වලට අනුබද්ධ LUS වැනි පර්යේෂණ විශ්ව විද්‍යාල සමඟ ලංකාවේ විද්‍යාඥයන්ට ක්‍රියා කිරීමේ අවකාශ විවර වේ. එසේම අමෙරිකාවේ ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ අරමුදල් ලබාගැනීම සඳහා ලංකාවට තරඟ කිරීමේ අවස්ථාද උදාවනු ඇත.

එමෙන්ම LSU වල ගංගෝත්‍රි යන(නමින් ඇති) අඟහරු මිෂන් සංකල්පය ආශ්‍රිතව ආඹ්‍රිතව අන්තර්ජාතිකව ලංකාවේ පර්යේෂණ සඳහා අරමුදල් යොදවා ඇති අතර 2023 දී ලංකාවේ භූගර්භ ගවේෂණයට මුදල් ලැබුණේ ද ඒ මගිනි and NASA support for phD mentee Ms Emmy Hughes(නාසා ආයතනයේ අනුග්‍රහයෙන් දැනට ආචාර්ය උපාධි පර්යේෂණයේ නිරත මහාචාර්ය සුනිති කරුණාතිලකගේ ශිෂ්‍යාව වන එමි හග්ස් මහත්මියට). ලංකාවට ලැබෙන තවත් වාසියක් නම් අඟහරු භූගර්භයට අදාළ පර්යේෂණ ලංකාව තුළ ද ඇතිවීම ඊට වඩාත් උනන්දු විදේශ ගවේෂණාත්මක සංචාරකයන් ලංකාවට ආකර්ශනයවීමය. (සර්පෙන්ටිනයිට්) සර්පන්ටයින් පවතින ගම් වලට ඔවුන් පැමිණීම තුළ එම ප්‍රදේශ වලට මුදල් ගලා ඒම හා සීග්‍ර දියුණුවක් ඇතිවීමේ ප්‍රවණතාවක් ද පවතී.

ඒ තුළ අගහරු හා ලංකාවේ පවතින (සර්පෙන්ටිනයිට්)සර්පන්ටයින් පාෂානය ගැන පර්යේෂණ තව දුරටත් වර්දනය කිරීමට ලංකාව තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශය ද ඒකාබද්ධව කැපවීම වටින බවට මතවාද පවතී.එසේම ලංකාවේ විශ්ව විද්‍යාල තුළ research – centres (පර්යේෂණ මධ්‍යස්ථාන) ආචාර්ය උපාධි පාඨමාලා අරඹා ලාංකික පර්යේෂකයන්ට අන්තර්ජාතිකව Lunar and planetary science conference(සඳ හා ග්‍රහලෝක විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ) වැනි සම්මන්ත්‍රණ වලට යාමට හා . (සර්පෙන්ටිනයිට්) සර්පන්ටයින් තිබෙන පුදේශ වල ගුරුවරු පුහුණු කිරීම හා එම ගම්වාසීන් භූගර්භ සංචාරක ව්‍යාපාරයට සූදානම් කිරීම ආදිය ද සිදුකල හැකිය.

මෙම සර්පන්ටයින් නිධි වලආර්ථික වාසි පවතින බව නොපෙනේ. ඉන් මානවයාට ගත හැකි ප්‍රයෝජන නැති බවට ද උපකල්පන පවතී. එහෙත් විවිධ ආකර්ශනීය වර්ණ වලින් පවතින මෙම පාෂාණ නිධිලංකාවේ ද තිබීම විශේෂත්වයක්ව තිබේ.

අගහරු තුළ පවතින මෙම පාෂාන නියැදි පෘතුවියට ලැබීමට නියමිතව ඇත්තේ 2035 දීය. එහෙයින් ලංකාවේ දකුණු පළාත පුමුඛ ස්ථාන වල පවතින විවිධ වර්ණ වල මෙම නිධි ගැන ලොවපුරා නිසි ප්‍රචාරණයක් දියත් කලහොත් මේ ගැන පර්යේෂණ කරනා ලොව විවිධ ආයතන ඒ සදහා ලංකාවේ නිධි යොදා ගන්නවා ඒකාන්තය. ඒ හරහා විශාල සංචාරක ප්‍රවර්දනයක් හා ආර්ථික ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඒකාන්තය.

අඟහරු ගැන පමණක් නොව මහාචාර්ය සුනිති ඇතුළු පිරිස සීගිරිය ගැන ද පර්යේෂණ කරමින් සිටිති. ඒවා සංචාරක ප්‍රවර්දනයට ද ඉතා වැදගත්ය. එනම් ලුසියානා ස්ටේට් (විශ්වවිද්‍යාලයේ Department of Geography and archaeology භූගෝල විද්‍යා හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මැදිහත්වීමෙන්) විශ්වවිද්‍යාලය, ප්‍රොක්සිමල් වර්චුවල් රියැලිටි සමාගම හා ලාංකීය විද්වතුන් එකමුතුව සීගිරි රජ මාළිගාවේ වෙචුවල් රියලැටි ආකෘතියක් building effort එක්ව කටයුතු කිරීමේ ප්‍රතිළුලයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan