අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): තිලකා ජයසුන්දර මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (02) ඇය සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.

ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වේ.

තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී , රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය විශිෂ්ටතා සම්මානලාභිනියක් ද වූ අතර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කළාය.

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඒ හා සමගාමීව එම කාල පරිච්ඡේදයේ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස ද ඇය කටයුතු කර ඇත.‍‍‍

ආසියානු ඵලදායිතා සංවිධානයේ කර්මාන්ත අශයේ හිටපු අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ ඇය , ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස ද වසර 10කට අධික කාලයක් පුරා කටයුතු කර ඇත.

ඉතිහාසයේ වසර 56ක එම සංවිධානයේ සිටි එකම කාන්තා නිලධාරිනිය වූයේ ද ඇයයි.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් (BSC) සහ ව්‍යාපාර කළමනාකරණපති උපාධියක් ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් PGDIT (SLIIT) ද ලබා ඇත.

තිලකා ජයසුන්දර මහත්මිය ඵලදායිතා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපෘති කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණය, සැලසුම් සහ අධීක්ෂණය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, ඇතුළු ක්ෂේත්‍ර රැසක අත්දැකීම් රැසක් ඇති විශිෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...