ජයමිණිගේ සිහින උදුරා ගත් විදුලි සැර! දේහය මෙරටට.

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): විදුලි සැර වැදීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදී මිය ගිය ජයමිණි සඳමාලි විජේසිංහගේ දේහය මෙරටට රැගෙනවිත් ඇත.

ජයමිණි ජිවිතක්ෂයට පත්වුණේ, වසර ගණනකට පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්ත්වය නිසා සාජා නුවර භූගතව තිබු විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදීම හේතුවෙනුයි.

කළුතර මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය සාජා හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළ බව සඳහන් වේ.

පසුගිය 9 වනදා රත්‍රීයේ ඇය නැවති සිටි නේවාසිකාගාරයේ සිට වෙළෙඳසැලට යාමට පිටත්ව තිබෙන අතර, එහිදි පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් විදුලි කාන්දුවීමක් සිදුව තිබු අතර ඒ පිළිබඳ දැනුවත්ව නොසිටි ජයමිණි ගංවතුරට බසිත්ම විදුලි සැර වැදී මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ ජයමිණිගේ දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරුණේ අද උදෑසනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...