තුන්වැනි වරටත් ඊජිප්ත්තුවේ නව ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තේරී පත්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී ඊජිප්ත්තුවේ නව ජනාධිපතිවරයා ලෙස තුන්වැනි වරටත් දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අල් සිසීගේ දිව්රුම් දීම කයිරෝ නුවර ආසන්නයේ ඉදිකර ඇති ඊජිප්තුවේ නව අගනුවරදී සිදුවී ඇතැයි ද වාර්තා වේ.

දශකයකට වැඩි කාලයක් පුරා, 69 හැවිරිදි අල් සිසී ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, ඔහු තවත් වසර 6කට මේ පත් වී ඇත්තේ තුන්වැනි හා අවසන් ධුර කාලයට බව ද වාර්තා වේ.

මීට මාස 3කට පෙර පැවැති ඊජිප්තු ජනාධිපතිවරණයේදී ඔහු 89.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති බව සඳහන් වේ.

අබ්දුල් ෆටා අල් සිසී පළමුවරට ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2013 වසරේදි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...