Next Democrats කණ්ඩායමෙන් අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): සැමට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන් වූ පූර්ව ඡන්ද ක්‍රමය පිළිබඳව වන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා Next Democrats කණ්ඩායම පසුගිය දා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මැතිතුමා හමු වී ඇති අතර, එහිදී ලංකාවේ වර්තමාන මැතිවරණ ක්‍රමය , එහි අඩුපාඩු හා එකී ක්‍රමවේදයන් නූතන ලෝකයට සුදුසු ලෙස සකස් විය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව සාකච්ඡාවක නියැළීමට හා අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවූ බව සඳහන් වේ.

මෙහිදී පූර්ව ඡන්ද ක්‍රමය හා තම ඡන්දය විවිධ හේතු නිසා ප්‍රකාශ කිරීමට අපහසුතා ඇති වන පුරවැසියන් වෙනුවෙන් Next Democrats කණ්ඩායම ගෙන එන ව්‍යාපෘතිය “Equi-Vote” අගය කරමින් කොමසාරිස්වරයා කියා සිටියේ තැපැල් ඡන්ද ක්‍රමයේ පවතින දැඩි නීති තත්වය මත මෙවන් පූර්ව ඡන්ද ක්‍රමයක් තැපැල් ඡන්ද ක්‍රමය හා ඒකාබද්ධ කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවන බවයි.

එසේම කොරියාව, නේපාලය, ඉන්දියාව වැනි රටවල ඡන්ද ක්‍රමයන් සම්බන්ධයෙන් Next Democrats කණ්ඩායම දැනුවත් කරමින් විදේශ රාජ්‍යයන් හි මෙම ක්‍රියාවලීන්ගේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳවද රත්නායක මහතා විසින් දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් හුවමාරු කරගත් අදහස් නව යෝජනා එකතු කරමින් තවදුරටත් Next Democrats ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත. මේ අවස්ථාවට අතිරේක මැතිවරණ කොමසාරිස් එස්. අච්චුදන් මහතා ද එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...