රජය IMF යනවා නම් මට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙයි – වාසු (VIDEO)

0
741

මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තීරණය කිරීම තුළින් ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව රටේ සුභසාධනය කප්පාදු කිරීම සිදුවන අතර රාජ්‍ය ආයතනවල අයිතිය පෞද්ගලික අංශය පාවාදීම,සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි සේවා වෙනුවෙන් සිදුකරන වැයකිරීම් වලට සීමා පැනවීම ආදිය සිදුවන බව වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය මත තමන්ට ආණ්ඩුවේ සිටීමට හැකියාවක් නැති අතර සිය තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here