රුසියානු ගුවන් යානා හයක් සිය ඩ්‍රෝන යානා මගින් විනාශ කළ බව යුක්රේනය තහවුරු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය විසින් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මඟින් විනාශ කළ බව කියෙව් තහවුරු කර තිබේ.

ප්‍රහාරය හේතුවෙන් තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර, සේවා නිලධාරීන් 20 දෙනෙකු මියයාමට හෝ තුවාල ලැබීමට ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

යුක්රේනය මෑතකදී රුසියාව තුළ හමුදා සහ බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉලක්ක වෙත ඩ්‍රෝන් ප්‍රහාර වේගවත් කර ඇති අතර රුසියාව තම හමුදාව උග්‍ර පතොරම් හිඟයකට මුහුණ දී සිටින බවට පුන පුනා අනතුරු අඟවා ඇතත්, මේ වසරේ දේශීයව ඩ්‍රෝන යානා මිලියනයක් නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරගෙන ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබා දී නොමැති අතර සරතොව්, කර්ස්ක්, බෙල්ගොරොඩ් සහ ක්‍රස්නෝඩර් ප්‍රදේශ ද ඉලක්ක කර ගත් යුක්රේන ඩ්‍රෝන යානා සියල්ල වෙඩි තබා බිම හෙළූ බව සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...

පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...