ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයෙන් ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙකේ විවාදයට පහසුකම් සැපයීමට සූදානමින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):මේ දිනවල කතාබහ වන, ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් දෙක අතර රටේ ආර්ථිකය ගොඩනගන ආකාරය  සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය ද පහසුකම් සැපයීමට සූදානමින් සිටින බව පැවසේ.

එවැනි විවාදයක් පැවැත්වීම යුගයේ අවශ්‍යතාවක් බවත්, වසර 150 ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය එම විවාදයේ මැදිහත්කරුවන් ලෙස කටයුතු කරනවා සේම විවාදය පැවැත්වීමට අදාළ පහසුකම් සැපයීමට ද සූදානම්  බව කියා සිටී.

වැඩිදුරටත් සදහන් කරන්නේ, අදාළ විවාදය කාටත් කළින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කැමැත්ත පල කළ නිසා ඔවුන් සමග විකාශන කටයුතු සිදු කිරීමට  තම සංගමය සූදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...