AI සිසුවාගේ දැනුම අවියක් වූවාද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): මේ වන විට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­වි­යට සයි­බර් ප්‍රහා­ර­යක් එල්ල වීම හේතු­වෙන් එය තාව­කා­ලික බිඳ­වැ­ටී­ම­කට ලක්ව ඇති බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

එම අමා­ත්‍යාං­ශය වැඩි දුර­ටත් සඳ­හන් කරන්නේ, මෙම ප්‍රහා­රය එල්ල කර ඇත්තේ උසස් පෙළ සිසු­වකු බව හඳුනා ගෙන ඇති බවයි.

කෘත්‍රිම බුද්ධිය විෂ­යය හදා­රන ඒ සිසුවා අධ්‍යා­පන අමා­ත්‍යංශ වෙබ් අඩ­වියේ සට­හ­නක් තබ­මින් ප්‍රකාශ කර ඇත්තේ වෙබ් අඩ­වියේ ආර­ක්ෂක ගැට­ලු­වක් පෙන්වා දීම සඳහා තමා මේ ප්‍රහා­රය එල්ල කළ බවයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය (SLCERT) හා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව (TRC) ඇතුළු පාර්ශ්ව රැසක් ඒකා­බ­ද්ධව විශේෂ විම­ර්ශ­න­යක් සිදු කර­මින් පව­තියි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පව­සන්නේ, අදාළ අංශ හැකි ඉක්ම­නින් වෙබ් අඩ­විය යථා තත්ත්ව­යට පත් කිරී­මට පිය­වර ගනි­මින් සිටින අතර, මේ පිළි­බඳ පරි­ශී­ල­ක­යන්ට සිදු වන අප­හ­සු­තාව ගැන කන­ගා­ටුව ප්‍රකාශ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...