අශෝක ජයතුංග
අප්‍රේල් 06, වොෂින්ටන් LNW :
🎀දේශපාලන සමාජ ආර්ථික ජාත්‍යන්තර කටයුතු ආදී ඕනෑම විෂයක් ගැන විවාදයකට ඔිනෑම කෙනෙක් සමග ඔිනෑම වෙලාවක මා සූදානම් – වි:නායක සජිත් කියයි.
🎀මාළිමාවෙ ආර්ථික කමිටුව රට හදනවායි කට වචන කිව්වට වැඩ පිළිවෙලක් කියන්නෙ නෑ. එනිසා රට හදන වැඩ පිළිවෙලක් තිබෙන අපේ සජබ ආර්ථික කමිටුව විසින් මාළිමාව ප්‍රායෝගිකව රට හදන මැටි ගැන වාද කරමුයි කිව්වම ඒකට බය වෙලා වෙන කතා කීමෙන්ම මාළිමාවට වැඩ පිළිවෙලක් නැති බව සනාථ වෙනවා. ජනතාව මේක තේරුම් ගන්න ඹිනෑ . අපි හෙට වුණත් වාදෙට සූදානම් – කබීර්, හර්ෂ ,ඉරාන් කියයි.
🎀විවාද අභියෝගය වගේම මා සමග තරඟෙට රටට වැඩ කරලා පෙන්නන අභියෝගයත් මම ඔිනම පක්ෂ නායකයෙකුට දෙනවා – සජිත්ගෙන් තවත් අභියෝගයක්.
🎀මාළිමාව රටේ ආර්ථිකය ගොඩදානවා කිව්වට වැඩ පිළිවෙලක් නෑ කියල කිව්වෙ දිලිත් ජයවීරයි. වැඩ පිළිවෙලක් තියෙනව නම් විවාද කරමුයි දිලිත් අනුරටම අභියෝග කලාම දිලිත් ප්‍රාදේශීය සභාවකවත් නෑනේ කියල ඇග බේරගත්තෙ අනුර හා මාළිමාව බව ඔවුන්ට අමතක වුණාට රටට මතකයි – සුජීව සේනසිංහ.
🎀මේ රට පවුලකට නෙවෙයි රටේ ලක්ෂ 220 ට අයිතියි. එකම පවුලකට මාරුවෙන් මාරුවට රට කන්න දෙන්න බෑ – සජිත්.
🎀උතුරේ ශ්‍රී නාගරාජ , මුලතිව් තන්නීරෝතු මුස්ලිම්, වම්ඉවුර රජයේ දෙමළ විදුහල් හා වව්නියා සෙට්ටිකුලම සිවානන්ද හා නැදුන්කේනි ඔලුමඩු විදුහල් වලටත් සජිත් ජලනි ගෙන් මේ සතියේ ස්මාට් පංති 05 ක්.
🎀ජනපති වෙලා මාස 02 න් ඔිනම කෙනෙකුගෙන් ප්‍රශ්න කල හැකි බලවත් කොමිසමක් පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පත් කරනවා. ස්කොට්ලන්ඩ්යාඩ් සහායක් ගන්නවා – සජිත්.
🎀ජේෂ්‍ඨ පුරවැසියන්ට ලබාදුන් පොලී අනුපාතිකය 15% සැන් 08% ට අඩුකරලා. ඔවුන්ට වහාම සාධාරණය කරන්න – සජිත් ගෙන් පාර්ලිමෙින්තුවේදී දැඩි හඬක්.
🎀රටේ සියලු ජාතීන් ආගම් සමාජ මට්ටම් කුල ගෝත්‍ර වලින් සැදුම්ලත් දැවැන්තම සමගි සන්ධානය මෙම 05 දා අපි බිහිකරනවා – සජබ මහලේකම් රංජිත්.
🎀ආර්ථිකය හදන හැටි ගැන ජවිපෙ හා මාළිමාවට අභියෝග කළේ අපියි. ඒක පිළිගෙන තමන්ට වැඩ පිළිවෙලක් තිබේ නම් ඒක නොකියා අපට බොරු අභියෝග දාල ෂේප් වෙන එක මාළිමාවෙ ලැජ්ජ නැති වැඩක් – ආචාර්ය හර්ෂ.
🎀සජබ ආර්ථික කමිටුවේ අභියෝගය මාළිමාවේ හදුනෙත්ති හා එම ආර්ථික කමිටුව බාර නොගෙන සජිත් අනුර පටලැවීමම ඔවුන්ගෙ බංකොලොත්කමයි….විවාදෙදි අපි අහන ප්‍රශ්නත් මුලින් දීල එයාලට විවාදෙ ලේසි කරන්නත් අපි සූදානම් – ඉරාන්.
🎀ජනාධිපති ධුරය එපා කියල රට ගිණි තියපු අය දැන් ඒ තනතුර අහෝසි කරන කතාවක් නෑ. සජබ නම් අහෝසි කරන ස්ථාවරයෙ ඉන්නෙ – ඉරාන්.
🎀පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අංශ ප්‍රධානී හා ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සජබට එක්වෙයි.
🎀සජබ ට එක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වරාය, වරාය නගර හා ඒ ආශ්‍රිත කර්මාන්ත පිළිබද වි: නායක ගේ ප්‍රධාන උපදේශක ලෙස පත්කෙරේ.
🎀කබීර් හර්ෂ ඉරාන් සමඟ ආර්ථිකය හදන හැටි ගැන විවාදයකට හත්පාරක් කතා කලක් ජවිපෙ මාළිමාව ගල් ගිලලා සජිත් එන්න කියලා බොරු ඉල්ලීම් කරලා විවාදෙමග අරින්න ට්‍රයි කරන්නෙ ආවොත් තමන්ට වැඩ පිළිවෙලක් නැති බව ඔප්පු වෙන නිසයි – නලින් බණ්ඩර යළිත් කියයි.
🎀 සජබ ආර්ථික විශේෂඥයන් වන කබීර් හර්ෂ ඉරාන් එක්ක විවාදයක් කරලා රට හදන්න ජවිපෙ හා මාළිමාවට වැඩ පිළිවෙලක් තිබේ නම් හදුනෙත්ති හා තව දෙන්නෙක් ඇවිත් ඔප්පු කරන්න කියල අට පාරක් කිවිවම දිගටම මග ඇරියා. දැන් මග අරින්න තව ගොං කතාවක් කියනවා. නායකයො දෙන්න එන්නලු. වැඩපිළිවෙලක් නැති මෙහෙම බොරුකාරයො රටවල් හදන්නෙ නැති බව ජනතාව තේරුම් ගනීවි – නලින් බණ්ඩාර.
🎀මැයි දිනයට සජබ ගේන සෙනග ගඟ දැක්කම ජනාධිපතිවරණෙ ඉල්ලන්න හිතං ඉනින හුග දෙනෙකුට බඩයාවි. සමහරු නො ඉල්ලන එකත් ෂුවර්ම ෂුවර් – මරික්කාර්.
🎀රාජපක්ෂ අශුචි ගුබ්බෑයන් වලට සමහරු රිංගුවට අපට එහෙම අමාරුවක් නෑ – මරික්කාර්.
🎀60,000 ක් මරුණ බව පිළිගෙන “සොරි” කියන, රටේ දේපොළ කෝටි ලක්ෂ ගණනක් වනසා රට පස්සට තල්ලු කල වැඩබැරි කයිවාරු විතරක් දන්න අයට රටවල් බාරදීල පස්සෙ අඬන්න එපා – රෝහිණී කවිරත්න.
🎀මේ ආණ්ඩුවට ජනවරමක් නැති බවට සජබ මීට වසර දෙකකට පෙර කියපු එක දැන් පොහොට්ටු මන්ත්‍රීලත් කීමෙන් ඔවුන්ට වඩා සජබ කොච්චර ඉරියෙන්දැයි තේරුම් යනවා – අර්ල් ගුණසේකර.
🎀පාසල් වල කුඩා පංති වලට කෑම දීම ඇරඹුවත් අවශ්‍ය පාසල් ගුරුවරු 5400 ක් වෙනුවට බදවාගෙන ඇත්තේ 2300 ක් පමණක් බවට සජබෙන් චෝදනා.
🎀සමගි වනිතා බදුල්ල සමුළුවටත් හතර අතින් පැමිණි මහා කාන්තා ජන ගගක් ගැලුවා. කාන්තාව රටේ මෙන්ම අනාගතය ගැන තීන්දු ගන්නා තැනකදීත් ඉතා තීරණාත්මක නිසා අපි කාන්තාවන්ට නිසි මග කියා දෙනවා – සජබ නීතීඥ ලිහිණි ප්‍රනාන්දු.
