විස්සයි විස්සට එහා තියෙන පනහට තව චුට්ටක් උස මදි ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 08, කොළඹ (LNW): ලංකාවේ කාන්තා ක්‍රිකට් හී අනන්‍යතාවය වී ඇත්තේ විස්සයි විස්ස ක්‍රකිට් ය.ඒ තත්ත්වයට විසඳුමක් ලෙස මේ වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ක්‍රීඩා සමාජ මට්ටමෙන් ද,ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා ජාතික මට්ටමෙන් ද පන්දු ඕවර් 50 තරගාවලි ආරම්භ කර තිබේ.ඊ ළඟ පියවර ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ටෙස්ට් තත්ත්වයට පිවිසීම සඳහා දෙදින,තෙදින තරග සඳහා ද පිවිසිය යුතුය.

මේ දිනවල ශී ලංකාවේ ක්‍රියාත්මක විසසයි විස්ස සහ එක්දින තුන් කොන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව මේ තරග ආකෘති දෙකේ දක්වන වෙනස්කම් නිසා ඉහත අදහස මතු විය.ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකම විස්සයි විස්ස තරගනලදී පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණත්,ඒ දක්ෂතාවය පනහයි පනහ ආකෘතිය ඇතුළත හෙවත් පන්දු ඕවර් පනහ තරගාවලියේ දී සෙසු කණ්ඩායම් හා සමානව රැක ගන්නට නොහැකි වී ඇත.
මේවාට පළමු හේතුව නුහුරුකමය.ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කුඩා කළ සිට ජාත්‍යන්තර හැඩයෙන් ආරම්භ කරමින් සිටින්නේ වර්ථමානයේ ය.ලෙදර් බෝල් ක්‍රිකටි ක්‍රීඩාවට කොළඹ,මහනුවර,ගාල්ල වැනි ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් ආධිපත්‍යය දරන පළාත්වලට වඩා කාන්තාවෝ පිට පළාත්වලින් ආකර්ශණය වෙමින් පවතී.මේ අලුත් පරම්පරාව තෙක්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් චමරි අතපත්තුලාගේ වත්මන් ජාතික කණ්ඩායම දක්වාම ගමන් කර තිබුණේ පාසලේ සිට පැමිණෙන ලෙදර් බෝල් ක්‍රිකට් සමඟ නොවේය.
මේ තත්ත්වය මේ වන විට වෙනස් වෙමින් ඇත.දිවයිනේ හතර කොණ සෑම අතින්ම ජාතික මට්ටමට සුදුසු ක්‍රීඩිකාවෝ මතු වෙති.එය වැදගත් පණිවිඩයකි.ඒ නිසා අනාගතය ගැන සිහින දැකිය හැකි පසුබිමක් නිර්මාණය වෙමින් තිබේ.එය අතිශයින් වැදගත්ය.එසේම මේ මොහොතේ ඊ ළඟ පරම්පරාවට දියුණු වෙන්නට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙමින් ඇත.මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් සහභාගි වන තුන් දින තරගාවලියද අනාගත සිහින සැබෑවක් කර ගැනීමේ අවස්ථාවට ගොඩ වෙන්නට තැනූ පාළමක් බඳුය.


මේ තත්ත්වය ගැන කතා කරන විට 1998 දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකට සහභාගි වූ ඉතිහාසයක් ද ඇත.ඒ පකිස්තානයට එරෙහිවය.ශ්‍රී ලංකාව එම තරගය ජයගෙන ඇත්තේ ලකුණු 309 න් ය.එහිදී මේ මොහොතේ ක්‍රියාත්මක 19 න් පහළ තුන් කොන් තරගාවලියේ තරග තීරක ලෙස ක්‍රියා කරන වැනීසා ද සිල්වා එම ඓතිහාසික තරගයේ දී ඉණිම දෙකේදීම ශතක ලබා ගත්තාය.චාමිනි සෙනවිරත්න ඉණිමකදී කඩුලු 5 ක් දවා ගත්තා පමණක් නොව වටිනා ශතකයක්ද ලබා ගත්තාය.රසාංජලී සිල්වා නායිකාව වූවාය.කාන්තා ක්‍රිකට් මේ තරමට නොදැණුන සමාජයක ඒ දිනවල එය සමාජගත කිරීම සඳහා වෙනත් කේෂ්ත්‍රයක් හරහා සමාජගත කිරීමට දායකත්වයක් දුන් ක්‍රීඩිකාවක් ද මේ කණ්ඩායමේ වූවාය.ඇය රතු රෝස ටෙලි නාට්‍ය සමඟ සමාජ ගත වූ චාපා ගේ නංගිගේ චරිතයට පන දුන් වන්දනා ලියනආරච්චිගේ නංගී කල්පනා ලියනආරච්චිය.රතු රෝස ජනප්‍රියත්වයේ ඉහළින්ම රැදිණි.ඒ ටෙලි නාට්‍යයේ ද චාපා ගේ නංගිගේ චරිතයට පන දුන්නේ ද ඇත්තටම කල්පනාය.


එහෙත් 1998 දී කාන්තා ක්‍රිකට් මේ තරම් සරුවට ලාංකේය පොළව තුළ නොතිබිණ.ඇත්ත තත්ත්වය එබඳුය.තුඩා කාලයේ පටන් තමන්ගේ සමාජ සම්බන්ධතාවයන් හී ශක්තිමත් භාවය හෝ පෞද්ගලික කැපවීම සහ හැකියාව මත පදනම්ව කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කළ පිරිසක් මිස කුඩා කාලයේ පාසලේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු පිරිසක් ඒ ශ්‍රි ලංකා කණ්ඩායම් තුළ සිටියේ නැත.එය ක්‍රමික වර්ධනයක් ඇති තත්ත්වයක් පෙන්වන්නේ මේ මොහොතේ වන අතර ඒ සඳහා පරණ අත්දැකීම් සහිත පිරිස ද එකතු කර ගනිමින් ක්‍රකිට් තුළ රඳවාගෙක තිබෙන ආකාරයද දැකිය හැකිය.සරල උදාහරණ දෙකක් ලෙස වැනීෂා ද සිල්වා මෙන්ම මේ මොහොතේ අවධානය දිනූ විනිසුරුවරියක වන එක්දින තරගවලදී සියයට 50 ඉක්මවන සාමාන්‍යයක් සහිත පිතිකාරිනියක ලෙස සිය ක්‍රිකට් දිවිය නිමා කළ දේදුණු ද සිල්වා වැන්නියන් හැඳින්විය හැකිය.


ඒ නිසා මේ මොහොතේ ක්‍රියාත්මක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වෙනස් එකකි.වඩාත් වැදගත් ලෙස අප දැකිය යුතු එයය.පන්දු ඕවර් 50 ක්‍රිකට් තරග සඳහා පිවිසුමේ තිබෙන තත්ත්වය ඉදිරියේදී වෙනස් කර ගැනීමට අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ජාතික මට්ටමේ ක්‍රියාත්මක කිරීම මෙන්ම ජාතික මට්ටමේ ක්‍රියාත්මක වීමේදී දක්ෂයන්ට ඊට අවස්ථාවක් ලැබීම ද සිඳුවෙමින් ඇත.ඒ නිසා පියෙන් පිය රටේ 19 න් පහළ ක්‍රිකට් නැඟෙන හැටි වැදගත්ය.ඒවා යම් පිළිවෙලකට ජාතික ප්‍රතිපත්තියක් සේ නොසෙල් වි තිබිය යුතුය.කිසිම විටෙක ඒවා ක්‍රීඩා පනතේ විධි විධාන යැයි කියා මේ රටේ දේශපාලකයන්ගේ අතපෙවීම්වලින් වෙනස් නොවන සේ තිබීම ද වැදගත්ය.


විස්සයි විස්ස තරග ගත්ත ද ඕවර් පනහෙ තරග ගත්ත ද වැදගත්ම දේ තරුණ ක්‍රීඩිකාවන් විසින් පන්දු වැඩිපුර ලකණු නොලබා නාස්ති කිරීමය.එය ඉවසීම ලෙස ගත නොහැකි අතර අත්දැකීම්වල මද කම නිසා ඇතිවන දෙයක්ය.මේ මොහොතේ එම අත්දැකීම් මෙන්ම තරග අත්දැකීම් ද අලුත් පරම්පරාව වෙත ළගා කිරීම සඳහා වන වැඩ පිළිවෙල යටතේ සිඳුවෙමින් තිබෙන වෙනස සිඳුවෙමින් පවතින්නේය.එය යහපත් දිශාවකට යොමු වන බව දැකිය හැකි අන්දමෙන් පෞද්ගලික ක්‍රීඩිකා දක්ෂතා හඳුනා ගැනීමට හැකි වී තිබීම ද වැදගත්ය.ජාතික මට්ටමට 19 න් පහළ කණ්ඩායම එක මොහොතකදී සියල්ල නොපැමිණෙන බව ඇත්තකි.ඒ ඇත්ත ඇතුළේ ජාතික කණ්ඩායමට ඇතුල් වීමට ක්‍රීඩිකාවන් අවශ්‍යය වන ඉඩ පිරවීමට හැකි ආකාරයෙන් ක්‍රීඩිකාවන් නිර්මාණය වෙමින් තිබීම වැදගත්ය.


ඒ නිසා වසරින් වසරට අත්දැතීම් අපතේ නොයන්නට රටේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිරිමි කණ්ඩායම් මෙන්ම කාන්තා කණ්ඩායම ද නඩත්තුවට පිවිසීම වැදගත්ය.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නිරන්තරයෙන් ශක්තියක් වන වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩි තල්ලුවක් ලැබීම ද වැදගත්ය.අත්පොළසන් ගැසීමට තනි අතින් නොහැකිය.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලට එකතු විය යුතු අනිත් අත පෞද්ගලික ව්‍යාපාර කේෂ්ත්‍රයේ රැකියා සහ තරගකාරී වෙළද සේවා කාන්තා ක්‍රිකට් තරගාවලියක්ය.ක්‍රීඩා සමාජ වැඩි ගණනකින් ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩා සමාජ තරගාවලියක්ය.අවස්ථාවන් බහුල වීම නිසා ඇති වන වැඩි තරග අත්දැකීම් ලැබීමේ මාර්ගය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට වැදගත් වනු ඇත.එසේම එම තරග අත්දැකීම් විවිධ ශානර යටතේ ලැබීමට සැළස්වීම ද වැදගත්ය.


ක්‍රීඩිකාවන්ට බැනීම,විවේචනය,ක්‍රීඩා පරිපාලනය විවේචනය අපට ඇති අයිතියක් වගේම එම ක්‍රිකට් අපේ කර ගන්නට සමාජය සූදානම් කිරීමේ වගකීම ද ක්‍රිකට් අපේ නම් එහි කොටසක්ස අපට අයිති බව ඇත්තය.ඒ සඳහා සමාජයේ වැඩි අවස්ථා ඇති කිරීමට ඔබේ වචනයෙන් අකුරෙන් ඒ අවශ්‍යයතාවය සමාජ ගත කිරීම වැදගත් වන්නේය.එතෙක් මේ යන ගමන දෙස දවසින් දවස නැඟෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දෙස විමසිල්ලෙන් සහ ආශිර්වාදාත්මකව බලා සිටිය හැකිය.එය රැක ගැනීම වෙනුවෙන් සමාජය පොළඹවන සහ සූදානම් කිරීමේ කාර්යය තුළ කොටසක් වෙන්නට ඒ ගැන දැනෙන ආදරය සහ උවමනාව සමාජයට මුදා හැරීමේ වගකීමෙන් අප පොහොසත් විය යුතුය.නැතිනම් අප ශබ්දය නඟන්නට එක් අත්ලක් විය යුතුව ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට සිය අත්ල දිග හැර සමාජයට පා ඇත.


මේ මොහොතේ පවතින තරගාවලියට සාපේක්ෂව ගත්තත් විස්සයි විස්ස සහ පන්දු හ්වර් 50 ක්‍රිකට් යනු දෙ’යාකාරබව පැහැදිළිය.විස්සයි විස්ස දිනපු එංගලන්තය එම තරගාවලියේ දී දෙවතාවේදී ම ඕස්ට්‍රේලියාව පරාජය කළේය.දැනට තිබුණු ඕවර් 50 තරග දෙකේදී ඔස්ටේලියාව මේ වන විට ශ්‍රී ලංකාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකම පරාජය කර අවසන්ය.තව ඉතිරිව ඇත්තේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ වන තරගාවලිය පමණි.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියා තරගයේදී කළ වැරදි මේ තරගයේදී කෙතරම් දුරට නිවැරදි කර ගනීද යන්න වැදගත්ය.එය ද ජයග්‍රහණයක්මය.


ඇත්ත තත්ත්වය අපි විස්සයි විස්සට සම වුණාට පනහේ තරගවලට තවමත් නො’උස් ය.එත් ඒ උස අල්ලන්නට බැරි තරම් උසකින් නැත.අපි අත්දැකීම් සහ ආකල්පමය වශයෙන් වෙනස් වීමෙන් ඒ උස පියවා ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...