කෙහෙළිය යළි රිමාන්ඩ් !

ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු ඇතුළු සැකකරුවන් පිරිසක් අද (08) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පස්වැනි සැකකරු ඇප මත මුදාහැර ඇත.

එමෙන්ම දහවන සහ එකොළොස්වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...