ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක් !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගෙන තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් අද (08) උදෑසන පැවැත්වූ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත.

මෙම හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේ ද නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

කෙසේවෙතත් පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවීමට නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීත්‍යානුකූල බලයක් නොමැති බව පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් ලිඛිතව දැනුම් දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...