ඇත්තටම ලංකාව ලෝක සිතියමට දිව්‍ය ලෝකයෙන් වැටුන කෑල්ලක්ද? නැත්නම් බැරිවෙලාවත් අපායෙන් උඩට මතුවුන කෑල්ලක්ද?

Date:

මහා අප්‍රිකාව කියන්නේ සුද්දා අප්‍රිකාවට යන්ට කලින් ගෝත්‍ර අන්දකාරයේ සදා ඝනීභූත වෙලා තිබුන දැවැන්ත මහද්වීපයක්.. ලංකාව කියන්නේ සුද්දා එන්ට කලින් වැඩවසම් අඳුරක සදා ගල්වෙලා තිබුන චුට්ටි හුදෙකලා දූපත් කෑල්ලක්…

නූතන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට ගැලපෙන විදියට ලංකාවේ හැඩේ කපලා ගත්තෙත් සුද්දෝ… එක් නිශ්චිත යුගයකට අදාලව සුද්දො කියන්නේ ඉතිහාස ශිෂ්ඨකරණයේ මාස්ටර්ලා.. අපි බැරිබැරියාවේ ආඟිරි ගගා ඉබිගමනින් මේ ශිෂ්ඨකරණ ක්‍රියාවලියේ බඩගාපු බඩගාන බාලාංශ ජීවියෝ…

එතකොට මොකක්ද මේ “ලංකාව දිව්‍ය ලෝකයෙන් වැටුන කෑල්ලක්” කියලා කියන කතාව..ඒ තමා සුද්දෝ විශ්ව ශිෂ්ඨකරන ක්‍රියාවලියේ ස්වාමියෝ සහ අපි ගෝලයෝ කියලා දැනුන ගමන් ජාතිය හෙලුවෙන් ඉන්නවා වගේ දැනෙන අපහාසුතාවය වහගන්න ඇදබාන කයිවාරු සහ පම්පෝරි..

මේක අපේ සමාජය තුල පවතින සාමූහික හීනමානයක්…

බලි,තරු,රාවන, ගැමුණු විජයබා..වගේ සින්දු ඇහෙන කොට හේතුවක් නැතුවත් අපිට ආඩම්බරයක් වගේ එකක් දැනෙන්නේ අන්න ඒ නිසා.. රත්නදීප, ජන්මභූමි වගේ සින්දු ඇහෙනකොටත් අපිට බොරු චූන් එකක් දැනෙන්නේ ඒ නිසා..

යතාර්තයේදී අපිට නොතිබූ රාවනා ඉතිහාසයක් ගැන කියලා අපේ දේශපාලන නායකයෝ මේ දක්වාම අපිව ඇන්දුවා …පාලකයෝ මේ ජනතාවව බාගෙට අන්දනකොට ජනතාව “අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ” කියලා ඉතුරු ටිකත් කැමැත්තෙන්ම ඇඳගත්තා….

දැන් හඳුන්ලා කරන්නෙත් ඒකේ දිගුව..

හැබැයි මම මේ හඳුන්ලට කරන විවේචන වලින් කීයටවත් කියවෙන්නේ නැ විකල්පය සජිත් කියලා නම්..”මම බය නෑ” කියන පදේ හැමවෙලේම සජිත් මහත්තයාගේ කටේ තිබුනට ඔහුගේ සර්වාංගේ වෙව්ලවෙව්ල ඒ දන්ඩේ යන ඉරියව්ව දැක්කම මට තේරුනා ඔහු සරීරයෙන් වියපත් උනාට තාම ඔහු මොලේ වර්ධනය නොවුන ළමයෙක් බව..

ඔහු කවුද කියලා හරියටම දැන ගන්න ඕන නම් ඔහුගේ “උසනම් සිකුර්ටි මිටිනම් කම්කරු” වීඩියෝව බලන්න.. ඒ වීඩියෝවේදි ඔහුට හුලංවදින්නේ නෑ කියලා ඔහු ඔහුට චන්දෙ දීපු මිනිසුන්ව එලවනවා..මම ජනතාවගේ පයට පෑගෙන දූවිල්ලක් වෙනවා කිව්වට යතාර්තයේදී ඔහුට පොඩි මිනිස්සු රුස්සන්නේ නෑ..සජිත් කියන්නේ ඇරියස් කන්ද්ක් තියෙන බාල වර්ගයේ ඊගෝ කාරයෙක්….

අපේ ජනතාව කතිර සෙල්ලම මොනතරම් බයානක විකෘති විදියටද පාවිච්චි කරන්නේ කියන එකට හොඳම උදාහරණය තමා සජිත්ව විපක්ෂ නායක කිරීම..

කොහොම හරි ලිපිය අවසානයේ මිනිස්සු ඔක්කොම අමු කාලා වගේ ඉන්න මේ මොහොතේ පාර හොයාගැනීම වෙනුවෙන් ඔබට (කැමති අයට)මම පොඩි ඉඟියක් දෙන්නම්..
හැමවෙලේම රැල්ල ගහන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙ හිටගන්ට..මොකද සෙන්ටර් එකේ කවුරු හිටියත් රැල්ල කියන්නේ මෝඩ මොබ් එකක්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...