ආසියානු සූරතාවලියේ කේවල සූරතා සඳහා අද විරේන් සහ රනිත්මා තරග බිමට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 10, කොළඹ (LNW):

චීනයේ නින්ග්බෝ හී ක්‍රියාත්මක නින්ග්බෝ බෑංකු කුසලානය සඳහා වන ආසියානු බැඩ්මින්ටන් සූරතාවලියේදී ශ්‍රී ලංකාවේ විරෙන් නෙත්තසිංහ පිරිමි කේවල අංශයෙන් අද තරග බිමට පිවිසීමට නියමිතයි.කාන්තා කේවල අංශය නියෝජනය කරමින් රනිත්මා ලියනගේ ද අද තරග බිමට පිවිසෙනවා.


විරෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල සිටින තැන අනුව සෘජුවම අවසන් තිස් දෙදෙනා අතරට පිවිස ප්‍රධාන තරගකරුවන්ගේ වටය නියෝජනය කරන්නට සුදුසුකම් ලබා සිටිනවා.රනිත්මා ලියනගේ අවසන් තිස් දෙදෙනා නියෝජනය කරන ප්‍රධාන තරග වටයට පිවිසියේ සුදුසුකම් ලැබීමේ වටයකදී පිලිපීන සහ සවුදි අරාබිය නියෝජනය කළ ක්‍රීඩිකාවන් පරාජය කරමින්.


විරෙන් සමඟ අද තරග කරන්න නියමිතව ඇත්තේ වියට්නාමයේ එන්ගුයෙන් හායි ඩෑන්ග් වන අතර රනිත්මාට එදිරිව චීනයේ හී බින්ග් ජියාවෝ ට එරෙහිව තරග වැදීමට නියමිතව සිටිනවා.
මේ තරගාවලියට පිරිමි යුගල අංශයෙන් ප්‍රධාන 32 ගේ තරග වටයට සුදුසුකම් ලැබීමට ක්‍රීඩක යුගල තුනක් තරග වැදුණා.එහිදී ලීග් ක්‍රමයට ක්‍රියාත්මක සුදුසුකම් ලැබීමේ වටයේ දී ඒ කාණ්ඩයෙන් තරග වැදුණ මධුත දුලාංජන සහ ලහිරු වීරසිංහ එම වටයේදී එක් ජයග්‍රහණයක් අත්පත් කර ගත්තත්,තරගයක් පරාජය වීම නිසා අවසන් 32 අතරට පිවිසෙන්නට අසමත් වුණා.ඔෂ්මික කරුණාරත්නට සහ තුසිත් පල්ලියගුරුට නිතරග ජයක් හිමි වුණද බී කාණ්ඩායේදී ඔවුන්ට මුහුණ මුහුණ තරග වඳින්නට ලැබුණු අවස්ථාවේදී පරාජය වන්නට සිඳු වුණා.පිරිමි යුගල කණ්ඩායම් අතරෙන් අවසන් 32 අතරට ඒමට විශාලම තරගය ලබා දුන්නේ විරේන් නෙත්තසිංහ සහ බුවනෙක ගුණතිලකයි. විරේන් සහ බුවනෙක එක තරගයක් පහසුවෙන් ජයගත් අතර අනෙක් තරගයේදී ඔවුන් එක්සත් අරාබි එමීර් රජ්‍යය නියෝජනය කරන ඉන්දීය සම්භවයක් ඇති අයියපන් සහෝදරයින් සමඟ කරට කර සටනක් කර 2-1 ට පරාජය වුණා.
කාන්තා යුගල තරගය සඳහා ඉදිරිපත් වූ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා තමන් සහභාගි වූ සුදුසුකම් ලැබීමේ වටයේ ඩී කාණ්ඩයේ තරග දෙකම පරාජය පත් වුණා.මිශ්‍ර යුගල අංශයෙන් තරග වැදුණේ චමත් ඩයස් සහ නටාශා ගුණසේකර වන අතර ඔවුන් දෙදෙනා සුදුසුතම් ලැබීමේ වටයේ ඩී කාණ්ඩයේ තරග දෙකම පරාජයට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...