පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නවා – සාගර

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට තීරණය කර ඇති බව පැවසේ.

පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීම් හා ගිවිසුම්වලට එළඹි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඊයේ (09) රැස්වූ දේශපාලන මණ්ඩලයේදී සාකච්ඡා වූ බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ අනුව එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට එරෙහිව ගත යුතු විනය පියවර සම්බන්ධයෙන් වාර්තාවක් දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස පක්ෂ විනය කමිටුවට දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළ අතර, පොදුජන පෙරමුණේ පුරප්පාඩුවී පවතින ආසන සංවිධායක ධුර සඳහා කඩිනමින් සුදුස්සන් පත් කිරීමට ද එහි දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවද පැවසීය.

පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට අනුව බව පැවසේ.

මීට අමතරව සෑම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් කාන්තා සංවිධායකවරියක් පත් කිරීමට ද දේශාපලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බවද සඳහන් වේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?