ජය – පරාජය වැස්සට සේදෙයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 10, කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහීව විස්සයි විස්ස තරගාවලිය නිමා කරමින් එක්දින තරගාවලියට පිවිසුනද එහි පළමු තරගය වර්ෂාව නිසා අත හැර දමන්නට සිඳු වුණා.කාසියේ වාසිය ලද ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.


දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් මේ සංචාරය පුරාම ශ්‍රී ලංකාවට පිත්තෙන් වද දෙන නායිකා ලෝරා වොල්වර්ඩ්ට් (41),ටෂ්මින් බ්‍රිට්ස් සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 94 ක් එක් කරන්නට සමත් වුණා.මෙහිදී ටෂ්මින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නැංගුරම බවට පත් වෙමින් ලකුණු 232 දී පස්වන ක්‍රීඩකයා ලෙස දැවි යන තෙක් දකුණු අප්‍රිකාව ඉදරියට ගෙන යමින් අගනා ලකුණු 116 ක් ලබා ගන්නට සමත් වුණා.කෙසේ නමුත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් අවසාන භාගය වන විට දකුණු අප්‍රිකානු ඉණිමේ වේගවත් බව පාලනය කරන්නට සමත්ව සිටියත්,නදිනි ඩි ක්ලාර්ක් අවසන් මොහොතේ පන්දු 22 දී ලකුණු 35 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව කඩුලු 6 ට 270 දක්වා ඔසවා තැබුවා.
කඩුලු ලබා ගැනීමේ දී ඕෂධී රණසිංහ ලකුණු 42 ට කඩුලු 2 ක් දවා ගත් අතර කවීශා දිල්හාරි ලකුණු 47 ට කඩුලු 2 ක් ලබා ගත්තා.සුගන්ධිකා කුමාරි අවසාන ඕවරයේ දී දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා ඇය ලබා ගත් කඩුලු 2 සඳහා ලකුණු 67 ක් ලබා දෙන්නට සිඳු වුණා.

ඒ වන විට වර්ෂාව බාධා කරන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු අතර කාලගුණය ඉදරියේ කඩුලු අහිමි කර ගැනීමෙන් සිඳු විය හැකි පාඩුව දැනගෙන නායිකා චමරි අතපත්තු මෙන්ම විශ්මි ගුණරත්න ද වර්ෂාව පැමිණෙන තෙක් පන්දු ඕවර් 6.5 ක් තුළ ලකුණු 23 ක් ලබා නොදැවී සිටියා.ලකුණු 270 සම්බන්ධයෙන් විශාල ලෙස සිතා ඔවුන්ගේ ප්‍රධාන ආරම්භක පන්දු යවන්නන් යුගලය වන මරිෂානි කෑප් සහ අයබොන්ගා කාකා වෙනුවට ඩක්වර්ත් ලුවිස් පන්නයේ ජයකට ඉක්මණින් පන්දු යැවිය හැකි අය කැඳවීමටත් දකුණු අප්‍රිකාව උත්සාහ කළේ නැහැ.ඒ චමරි අතපත්තු පමණක් නොවන ප්‍රහාරිකාවන් පෙළක් විසින් විස්සයි විස්ස තරගයේදී තමන්ට අත් කර දුන් පරාජය ගැන දකුණු අප්‍රිකාන් ක්‍රීඩිකාවන්ට අමතක කළ නොහැකි නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...