2024 Forbes බිලියනපතියන් ලැයිස්තුවට අනුව, ලොව ලාබාලතම බිලියනපතියා ලෙස ඉතිහාසයට එක් වූයේ 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක් වන Livia Voigt ය. මෙම ලැයිස්තුවේ බිලියනපතියන් සියලුම දෙනා වයස අවුරුදු 33 හෝ ඊට අඩු තරුණ අයවලුන් වීම විශේෂත්වයකි.
2024 Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ලෝකයේ ලාබාලම බිලියනපතියන්;
Livia Voigt

බ්‍රසීලයේ 19 හැවිරිදි Livia Voigt දළ වශයෙන් ඩොලර් බිලියන 1.1 ක ශුද්ධ වටිනාකමක් සතුව ලොව ලාබාලතම බිලියනපතිනිය වශයෙන් තම නම ඉහළින්ම තබා ගැනීමට සමත් විය.
Clemente Del Vecchio

ඉතාලියේ Clemente Del Vecchio සතු ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 4.7 කි.
Kim Jung-youn
දකුණු කොරියාවේ Nexon නිර්මාතෘ ලුතිනන් කිම් ජුං-ජුගේ දියණිය වන 20 හැවිරිදි කිම් ජුන්ග්-යූන් සතු ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් පමණ වේ.
Kevin David Lehmann

21 හැවිරිදි ජර්මානු ජාතික ප්‍රකෝටිපති Kevin David Lehmann ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන බිලියන 3.3 ක් පමණ වන අතර, ඔහු ජර්මනියේ ප්‍රමුඛතම ඖෂධ ගබඩා සන්නාමය වන dm-drogerie market හි 50% ක කොටස් සතු අයෙකි.
Kim Jung-min

Nexon නිර්මාතෘ ලුතිනන් කිම් ජුං-ජුගේ අනෙක් දියණිය වන 22 හැවිරිදි ක්‍රීඩක කිම් ජුන්ග්-මින්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් පමණ වේ.
Luca Del Vecchio

22 හැවිරිදි ඉතාලි ජාතික Luca Del Vecchio නැමැත්තා EssilorLuxottica මෙන්ම Generali, Mediobanca සහ Delfin හි 12.5% හිමිකාරිත්වයෙන් ඩොලර් බිලියන 4.7 ක් වටිනා ධනයක් උපයා ඇත.