නිමල් සිරිපාලගේ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධියි – දයාසිරිත් ශ්‍රීලනිප අර්බුදයට යළි මැදිහත් වෙයි

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගියදා 08 වෙනිදා කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධි හා අනීතික රැස්විමක් බව එහි හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්යේ ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අනුව දේශපාලන මණ්ඩල රැස්විමක් කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයාට පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හත් දෙනකු සිටිනවා. එයින් එක් සභාපතිවරයෙක්වත් විශේෂිත නොවන අතර හත්දෙනාම එක හා සමාන ලෙස සලකනවා. එවන් පසුබිමක් යටතේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාට දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට කිසිඳු හැකියාවක් නැහැ. පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා, දේශපාලන මණ්ඩලය උත්තරීතරම මණ්ඩලය බවට. ඒ වගේම විශේෂයෙන්ම පක්ෂ ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ තිබෙන මධ්‍යම කාරක සභාව සතු බලතල පවා දේශපාලන මණ්ඩලයට පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනයි. ඒ 15 දෙනාගෙන් පක්ෂ සභාපතිවරයා, පක්ෂ ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් අතුරින් තෝරාගන්නා 13 දෙනෙක් දේශපාලන මණ්ඩලයට ඇතුළත් විය යුතුයි කියලයි මේකේ සඳහන් වෙන්නේ. ඒ අනුව බොහොම පැහැදිලියි, මධ්‍යම කාරක සභාවේ නැති කිසි කෙනකුට දේශපාලන මණ්ඩලයේ අසුන් ගන්නට බැහැ. ඒ වගේම පක්ෂයේ සභාපතිවරයා නැතිව කිසිම වේලාවක දේශපාලන මණ්ඩලය රැස් කරන්න බැහැ. ඒ වගේම දේශපාලන මණ්ඩලයේ 15 දෙනාගෙන් වැදගත්ම කාරණය තමයි පක්ෂ සභාපතිවරයා හා පක්ෂ ලේකම්වරයා සහ පක්ෂ සභාපතිවරයා නම් කරන 13 දෙනා. විශේෂයෙන්ම පක්ෂ සභාපති නිලබලයෙන්ම දේශපාලන මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වෙනවා” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...